පදාර්ථය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය භෞතික විද්‍යාවන්හී සංකල්පය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, පදාර්ථය (බහුරුත්හරණය) බලන්න.
20වන සියවසට පෙර, පදාර්ථය යන පදයට අඩංගු වූයේ පරමාණු වලින් සමන්විතවූ සාමාන්‍ය පදාර්ථය වන අතර, ආලෝකය හෝ ධ්වනිය වැනි අනෙකුත් ශක්ති සංසිද්ධි බැහැර කරනු ලැබ තිබුණහ. විවිධ ශක්තීන් හා බල ක්ෂේත්‍ර නොසලකා හැරි විට (මේවා ඇතැම්විට වස්තූන්ගේ ස්කන්ධයට ද යම් දායකත්වයක් දක්වන නමුත්) භෞතික වස්තූන් නිර්මාණය වී ඇති ද්‍රව්‍ය විද්‍යාවේ දී පදාර්ථය ලෙස හැඳින්වේ. විශ්වයේ අපට පෙනෙන බහුතරය පදාර්ථය වේ. එනමුත් ආලෝකය සාමාන්‍යයෙන් පදාර්ථය ලෙස නොසැලකේ. පදාර්ථයේ අර්ථ දැක්වීම එතරම් නිශ්චිත නොවෙන අතර විද්‍යාත්මක මෙය අවාසිදායක වේ. සාමාන්‍යයෙන් ස්කන්ධයක් සහිත වූත් අවකාශයේ ඉඩක් ගන්නා වූත් ඕනෑම දෙයක් පදාර්ථය ලෙස අර්ථ දැක්වේ.
Quick Facts
සාමාන්‍ය වශයෙන් සම්භාව්‍ය අවස්ථා තුනක් ලෙසින් පදාර්ථය වර්ගීකරණය කෙරෙන අතර, සමහරවිට සතරවන අවස්ථාව ලෙසින් ප්ලාස්මා එක් කෙරෙයි. ඉහළ සිට පහළට: ක්වාර්ට්ස් (ඝන), ජලය (ද්‍රව), නයිට්රජන් ඩයොක්සයිඩ් (වායුව) සහ, ප්ලාස්මා ගෝලයක් (ප්ලාස්මා). |
Close
පදාර්ථය එකිනෙකට වෙනස් අවස්ථාවන්ට අයත් විය හැක. අතර ඒ අතරින් ඝන, ද්‍රව සහ වායු යන අවස්ථා වඩාත් බහුල අතර අනෙක් අවස්ථාව ප්ලාස්මා අවස්ථාව වේ.