විද්‍යුත් පරිවාරකයක් යනු අභ්‍යන්තර විද්‍යුත් ආරෝපණ නිදහසේ ගලා නොයන අමුද්‍රව්‍යකි; විද්‍යුත් ක්ෂේත්‍රයක බලපෑම යටතේ ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් ගලා යයි. මෙවා අනෙකුත් පහසුවෙන් විදුලිය සන්නයනය වන අමුද්‍රව්‍ය, අර්ධ සන්නායක සහ සන්නායක ආදියට සමාන නොවේ. යමක පරිවාරකතාවය පෙන්නුම් කරන ගුණය වන්නේ එහි ප්‍රතිරෝධය වේ; පරිවාරක, සන්නායක හෝ අර්ධ සන්නායක වලට වඩා වැඩි ප්‍රතිරෝධයක් පෙන්වයි.

Thumb
විදුලි දුම්රිය මාර්ග වල භාවිතා වන පිඟන් මැටි පරිවාරකයක්
Thumb
හර තුනක් සහිත තඹ විදුලි රැහැනක්, සෑම හරයක්ම තනි තනිව වර්ණ ගැන්වූ පරිවාරක කොපුවකින් ආවරණය කර ඇත. ඒ සියල්ල පිටින් ආරක්‍ෂිත ආවරණයක් තුල ඇතුලත් කර ඇත.
Thumb
PVC ආවරනිත, ඛණිජ පරිවාරිත, සන්නායක දෙකක් සහිත තඹ රැහැනක්


පරිවාරක තුල පවා ධාරාවක් ගෙනයාහැකි ජංගම ආරෝපණ (charge carriers) කුඩා ප්‍රමාණයක් පැවතිය හැකි බැවින් සුපිරි පරිවාරක නොපවතී. තවද, පරමාණු වලින් ඉලෙක්ට්‍රොන ගැලවී ඉවත් වීමට තරම් ප්‍රමාණවත් විශාල ධාරාවක් ලබාදුනහොත් සියලුම පරිවාරක, විද්‍යුතය සන්නයනය කරයි. එය පරිවාරකයක බිදවැටුම් වෝල්ටීයතාව ([./https://en.wikipedia.org/wiki/Breakdown_voltage breakdown voltage]) ලෙස හදුන්වයි. වීදුරු, කඩදාසි සහ ටෙෆ්ලෝන් වැනි අධික ප්‍රතිරෝධයක් ඇති අමුද්‍රව්‍ය ඉතා හොඳ විද්‍යුත් පරිවාරක වේ. වඩා විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අඩු ප්‍රතිරෝධයක් සහිත වුවද සාමාන්‍යයෙන් පාවිච්චි වන වෝල්ටීයතා යටතේ සැලකිය යුතු ධාරාවක් ගලා නොයන නිසා ඒවා විදුලි රැහැන් ඇදීමේදී සහ කේබල් සඳහා පරිවාරක වශයෙන් යොදා ගනී. රබර් වැනි බහුඅවයවක සහ තාපසුවිකාර්ය ප්ලාස්ටික් වැනි ප්ලාස්ටික් වර්ග උදාහරණ ලෙස දැක්විය හැක.

විදුලි උපකරණ තුල සන්නායක එකිනෙකින් වෙන් කර ඒවා අතර ධාරා හුවමාරු වීම වලක්වාලීම සඳහාත් සන්නායක වලට ආධාරක ලෙසත් පරිවාරක යොදාගනී. විදුලි රැහැන් හෝ විදුලි උපකරණ පරිවාරක ද්‍රව්‍ය යොදාගෙන ආවරණය කිරීම "පරිවාරණය" නම් වේ. විදුලි බල බෙදාහැරීම් හෝ සම්ප්‍රේෂණය කරන රැහැන් සහ විදුලි කණු අතර ඇති ආධාරක සඳහාද පරිවාරකය යන නම භාවිතා වේ. ඒවා විදුලියා කනුව හරහා පොළොවට ගලා යාම වළක්වමින් විදුලි රැහැන් වලට ආධාරක ලෙස කටයුතු කරයි.

ගණ ද්‍රව්‍ය සන්නායකතාව පිලිබඳ භෞතික විද්‍යාව

විදුලි සන්නයකතාවයක් නොමැති වීම විදුලි පරිවාරණයයි. ඉලෙක්ට්‍රොනික බන්දන වාදයෙහි සඳහන් අයුරින් ඉලෙක්ට්‍රොන උත්තේජනය කල හැකි තත්වයෙන් පවතී නම් ධාරාවක් ගලායාම සිදු වේ. මෙය ඉලෙක්ට්‍රොන වලට ශක්තිය ලබාගෙන එමගින් ලෝහ වැනි සන්නායකයක් තුලින් ගමන් කිරීමට ඉඩ ලබා දේ. එවැනි තත්වයක් නැතිනම් එම අමුද්‍රව්‍යය පරිවාරකයකි.


බොහෝ පරිවාරක (සියල්ල නොවේ) වල බන්ධන අතර පරතරය වැඩිය. මෙය සිදුවන්නේ වැඩි ශක්ති ඉලෙක්ට්‍රෝන සහිත "සංයුජ" ශක්ති මට්ටම පිරී ඇති නිසාය. මෙම ශක්ති මට්ටම සහ ඊළඟ ශක්ති මට්ටම අතර විශාල ශක්ති පරතරයක් ඇත. සැම විටම කිසියම් වෝල්ටීයතාවයක් (බිදවැටුම් වෝල්ටීයතාව, [./https://en.wikipedia.org/wiki/Breakdown_voltage breakdown voltage]) මෙම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට උත්තේජනය වීමට ප්‍රමාණවත් ශක්තිය ලබා දේ. මේ වෝල්ටීයතාවය ඉක්මවූ විට අමුද්‍රව්‍යය පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම නැවතී එතුලින් ආරෝපණ ගමන් කිරීම ඇරඹේ. කෙසේ වුවත්, එය අමුද්‍රව්‍යයේ පරිවාරක ගුණ නිත්‍ය ලෙස පහත හෙලන භෞතික සහ රසායනික වෙනස්කම් සමග අනුබද්ධිතය.

ඉලෙක්ට්‍රෝන සන්නායකතාවය අඩු අමුද්‍රව්‍ය වල අනෙකුත් සචල ආරෝපණ වලද අඩුවක් පවතීනම් එය පරිවාරකයකි. උදාහරණයක් ලෙස වායුවක් හෝ ද්‍රවයක් තුල අයන අඩංගු වේනම් එවිට අයන විදුලි ධාරාවක් ලෙස ගලායාමේ හැකියාවක් ඇත. එවිට අමුද්‍රව්‍යය සන්නයකයකි. ඉලෙක්ට්‍රොලයිට් සහ ප්ලාස්මා ([./https://en.wikipedia.org/wiki/Electrolyte Electrolytes] and [./https://en.wikipedia.org/wiki/Plasma_(physics) plasmas]) තුල අයන අඩංගු අතර ඒවා සන්නායක ලෙස ක්‍රියා කරයි.kkk

බිඳවැටීම

ප්‍රමාණවත් තරම් ඉහල ප්‍රමාණයේ වොල්ටීයතාවයකට ලක් කල විට පරිවාරක විද්‍යුත් බිඳවැටීම (electrical breakdown) නම් සංසිද්ධියට ලක්වේ.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.