පළමුවන ලෝක යුද්ධය
From Wikipedia, the free encyclopedia
මහා යුද්ධය හෝ, සියළු යුද්ධ කෙළවර කිරීමට සිදුකෙරෙන යුද්ධය ලෙසින්ද හැඳින්වුණු, පළමුවන ලෝක යුද්ධය යනු, යුරෝපයෙහිදී ඇරඹුනු සහ 1914 ජූලි 28 දින සිට 1918 නොවැම්බර් 11 දින දක්වා පැවැති ගෝලීය යුද්ධයකි. යුරෝපීයයන් මිලියන 76 ක්ද ඇතුළු, මිලියන 70 කට වඩා වැඩි හමුදා සාමාජිකයන් ප්‍රමාණයක්, ඉතිහාසයෙහි විශාලතම යුද්ධ අතරින් එකක් වන මෙම යුද්ධය සඳහා චාලනය කෙරිණි. [1][2] සටන්කරුවන් මිලියන නවයකට වඩා වැඩි ගණනක් සහ සිවිල්වැසියන් මිලියන හතකට වැඩි ගණනක් යුද්ධය හේතුවෙන් මිය ගිය අතර ( වර්ග සංහාර ගණනාවක වින්දිතයන් ඇතුළුව), මෙම විශාල ආපතික අනුපාතිකයට හේතුකාරක වූයේ රණපත්හුන්ගේ තාක්ෂණික සහ කාර්මික විදග්ධතාව සහ, වෙහෙසකර අගල් යුද්ධකරණය නිසාවුණු උපායමාර්ගික හිරවීම් වූහ. එය ඉතිහාසයෙහි බිහිසුණුතම ගැටුම් කිහිපය අතුරින් එකක් වූ අතර, එයට සම්බන්ධ වූ බොහෝ දේශයන් තුල සිදුවූ විප්ලව ඇතුළුව විශාල දේශපාලන වෙනස්කම් එය නිසා සිදුවිය. ගැටුම අවසානයේ වුව විද්‍යාමානවූ හා එතෙකුදු නොවිසඳුනු ප්රතිවිරෝධයන් විසින් වසර විසිඑකක් තරම් කෙටි කාලයකට පසුව දෙවන ලෝක යුද්ධය ඇරඹීමට දායකත්වය සැපයීය.[3]
පළමුවන ලෝක යුද්ධය | |||||||
---|---|---|---|---|---|---|---|
ඉහළ කෙළවරෙහි සිට දක්ෂිණාවර්තව: සොම් සටන අතරතුරදී බෝම්බ හෙලීමෙන් පසුදසුන, මාක් V යුද්ධ ටැංකි විසින් හින්ඩන්බර්ග් රේඛාව පසු කල අයුරු, ඩාඩෙනෙල්ස් මෙහෙයුමෙහිදී බිම් බෝම්බයක් හා ගැටීමෙන් පසුව එච්එම්එස් ඉරෙසිස්ටබල් නෞකාව ගිලී ගිය අයුරු, සොම් සටන අතරතුරදී බ්‍රිතාන්‍ය විකර්ස් මැෂින් තුවක්කු කාර්ය මණ්ඩලයක් විසින් වායු වාරක පැළඳ සිටි අයුරු, ජාග්ස්ටොෆ්ල් 11 බල ගණයෙහි ඇල්බාටොස් ඩී.III සටන්කරුවන් | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
මිත්‍ර පක්ෂය |
මධ්‍ය බලවතුන් | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
මිත්‍ර පක්ෂ නායකයෝ |
මධ්‍ය බලවතුන් නායකයෝ පෝල් වොන් හිඩන්බර්ග් | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
මිත්‍ර පිල 15,000,000 Total: 39,087,000+ (ඇස්තමේන්තු ගත) | Total: 24,000,000+ (ඇස්තමේන්තු ගත) | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
හමුදා මියයාම්: 5,525,000 හමුදා තුවාලවීම්: 12,831,500 හමුදා අතුරුදන්වීම්: 4,121,000 එකතුව: 22,477,500 KIA, WIA or MIA ...අමතර තොරතුරු. |
හමුදා මියයාම්: 4,386,000 හමුදා තුවාලවීම්: 8,388,000 හමුදා අතුරුදන්වීම්: 3,629,000 එකතුව: 16,403,000 KIA, WIA or MIA ...අමතර තොරතුරු. |