ප්‍රේමසිරි කේමදාස
From Wikipedia, the free encyclopedia
කේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.
Quick Facts ප්‍රේමසිරි කේමදාස, උපත ...
ප්‍රේමසිරි කේමදාස | |
---|---|
උපත | ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා 1937 ජනවාරි මස 25 වැනිදා |
මියගිය දිනය | 2008 ඔක්තෝබර් මස 24 වන දින |
ජාතිකත්වය | ශී‍්‍ර ලාංකික |
අධ්‍යාපනය | පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය , පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | තනු රචක, සංගීත අධ්‍යක්ෂක |
කලත්‍රයා(යන්) | සේනාධිආරච්චිගේ සෝමලතා පෙරේරා |
දරුවන් | වයන්තා අනූපා කේමදාස , ධනේෂා ගයාත්‍රි කේමදාස |
දෙමව්පියන්(s) | ඇලන් පෙරේරා , සයිමන් පෙරේරා |
වෙබ් අඩවිය | http://premasirikhemadasa.com/ |
ආගම | බෞද්ධ |
Close