From Wikipedia, the free encyclopedia
ප්‍රේරතාව (L. හෙන්රි වලින් මිණුම් කරයි) යනු ධාරාව ගෙන යන සන්නායකයක් වටා ඇතිවන චුම්භක ක්ෂේත්රයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන ආචරණයකි. සන්නායකයක් තුළින් ගලන විදුලි ධාරාවක් සමානුපාතික වූ චුම්භක ස්‍රාවයක් නිපදවයි. මෙම ධාරාවේ සිදුවන වෙනස් වීමක් මගින් චුම්භක ස්රාවයේ ද වෙනසක් සිදු කරන අතර එමගින් මෙම ධාරා වෙනසට එදිරිව ක්‍රියා කරන විද්‍යුත්ගාමක බලයක් (EMF) උපදවයි. ප්‍රේරතාව යනු ධාරාවේ ඒකක වෙනසක් සඳහා උත්පාදිත EMF අගය පිළිබඳ මිනුමක් වේ. උදාහරණයක් ලෙස ප්‍රේරතාව හෙන්රි 1ක් වන ප්‍රේරකයක් තුළින් ධාරාව ගලායාමේ දී තත්පරයට ඇම්පියර 1ක ධාරා වෙනසක් සිදුවන විට වෝල්ට් 1ක EMF අගයක් උත්පාදනය වේ. පුඩු ගණන , සෑම පුඩුවකම විශාලත්වය හා පුඩු එතූ ද්‍රව්‍ය යන සියල්ල ප්‍රේරතාව සඳහා බලපායි. නිදසුනක් ලෙස ඉහළ පාරගම්‍යතාවයක් සහිත ද්‍රව්‍යයක් වටා සන්නායක එතීමෙන් ඒ හා බැඳී පවතින චුම්භක ස්රාවය වැඩි කළ හැක.
ප්‍රේරකයක ගබඩා වූ ශක්තිය (SI ඒකක යටතේ ජුල්වලින් මනියි) ප්‍රේරකය තුළින් වූ ධාරාව ගොඩනැගීමට අවශ්‍ය කරන කාර්ය ප්‍රමාණයට හා එනයින් හටගන්නා චුම්භක ක්ෂේත්රයට සමාන වේ. මෙය දෙනු ලබන්නේ මෙහි L යනු ප්රේරතාවය හා I යනු ප්‍රේරකය තුළින් ගලන ධාරාවයි.
විදුලි ධාරාව ද්‍රව විද්‍යා ප්‍රතිසමයක් මගින් ආදර්ශක කළ හැක. ද්‍රව පහරක ගලා යාම නිසා භ්‍රමණය වන ටර්බයිමක ජව රෝද ආචරණය මගින් ප්‍රේරකයක ආදර්ශණය කළ හැක. සහජයෙන්ම තේරුම් ගත හැකි හා ගණිතමය වශයෙන් ආදර්ශනය කළ හැකි පරිදි මෙය විදුලිය ප්‍රේරකයක හැසිරීමට අනුරූපකවේ. වෝල්ටීයතාව කාලයට සාපේක්ෂ ධාරාවේ ව්‍යුත්පන්නයට සමානුපාතික වේ. ඒ අනුව ධාරාවේ සීඝ්‍ර වෙනසක් විශාල වෝල්ටීයතා වැඩිවීමක් ඇති කරයි. එසේම ජල පහරේ හදිසියේ අවහිර වූ විට ටර්බයිනය මගින් අවහිරය හරහා ඉහළ පීඩනයක් උපදවයි. පරිණාමකවල සිදුවන ආකාරයේ චුම්භක අන්‍යෝන්‍ය ක්‍රියා ද්‍රව විද්‍යාත්මකව ආදර්ශ නොකරයි.
ප්‍රතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස ප්‍රේරක භාවිතා කරයි. ධාරිත්‍රක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්‍රේරක විශේෂ සංඛ්‍යා සංඛ්‍යාතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්‍රතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්‍රක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්‍රේරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්රැජන ආකාරයේ කුඩා ප්‍රේරකද භාවිතයේ පවතී.
යුගල වූ චුම්භක ස්රාවයන්ගෙන් යුතු ප්‍රේරක දෙකක් (හෝ වැඩි ගණනක්) මගින් පරිණාමකයක් සාදන අතර එය සෑම විදුලි උපයෝග්‍යතා ජව ජාලයකම මූලික උපාංගයක් වේ. පරිණාමකයේ කාර්යක්ෂමතාවය, සංඛ්‍යාතයේ වැඩිවීමත් සමග අඩුවන නමුත් විශාලත්වය එලෙසම අඩු වේ. මේ හේතුව නිසා ගුවන් යානාවල සාමාන්‍යෙයන් 50Hz හෝ 60Hz සංඛ්‍යාතවලට වඩා වැඩි 400 Hz ප්‍රත්‍යාවර්ත ධාරාවක් භාවිතා කරන අතර කුඩා පරිණාමක භාවිතාය නිසා කිරීම මහත් වූ ස්කන්ධ ඉතුරුවක් කර ගත හැක.
සමහර ස්විච්ච ආකාර ජව සැපයුම්වලදී ප්‍රේරකයක් ශක්තිය ගබඩා කිරීමේ උපකරණයක් ලෙස භාවිතා කරයි. යාමකයේ ස්විච් කරන සංඛ්‍යාතයෙහි විශේෂ කොටසක් සඳහා ප්‍රේරකය ශක්ත්යාකයනය කරන අතර චක්‍රයේ ඉතිරි කොටස සඳහා විශක්ත්යායනය කරයි. මෙම ශක්ති සම්ප්‍රේක්ෂණ අනුපාතය මගින් ප්‍රතිදාන වෝල්ටීයතාවයට ප්‍රදාන වෝල්ටීයතාවය දක්වන අනුපාතය නිර්ණය කරයි. XL අතිශයින් නිරවද්‍ය වෝල්ටීයතා පාලනයක් රඳවා ගැනීම සඳහා ක්‍රියාකාරී අර්ධ සන්නායක උපකරණ සමග භාවිතා කරයි.
පද්ධති වෝල්ටීයතාවය අවපාත කිරීමට හෝ දෝෂ ධාරා සීමා කිරීමට විදුලි සම්ප්‍රේශන පද්ධතිවල දී ද ප්‍රේරක යොදා ගනී. මෙම ක්ෂේත්යේදී ඒවා සාමාන්‍යය ප්‍රතික්‍රියාකාරක ලෙස හඳුන්වනු ලැබේ.
අනෙක් උපාංගවලට වඩා ප්‍රේරක බර හා විශාල වන නිසා නවීන උපකරණවල ඒවායේ භාවිතයන් අඩුවී තිබේ. නිදසුනක් ලෙස ස්ථායී තත්වයේ ස්විචි ලෑමේ ජව සැපයුම්වල විශාල පරිණාමක ඉවත් කර ඇති අතර කුඩා ප්‍රේරක පමණක් භාවිතා කිරීමට පරිපථ සැලසුම් කරයි. අවශ්‍යම විට විභ්රේමක පරිපථ භාවිතය මගින් විශාල අගයන් අනුරූපණය කිරීම සිදු කරයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.