පාතිමා යාච්ඤා
From Wikipedia, the free encyclopedia
පාතිමා යාඥා යනු පෘතුගාලයේ පාතිමාහි 1917 දී දේවමාතා දර්ශනය හා සම්බන්ධ කතෝලික යාඥා හතක එකතුවකි. වාර්තා වන පරිදි, පළමු යාච්ඤා දෙක ළමා දූරදර්ශී තිදෙනාට සාමයේ දූතයා විසින් ඉගැන්වූ අතර, ඊළඟ තුන පාතිමාවේ අප ස්වාමිදූ විසින්ම එම දරුවන්ට උගන්වන ලදී. ඔවුන් තිදෙනාගෙන් වැඩිමහල් සහ වැඩිම කාලයක් ජීවත්වූ ලුසියා ඩොස් සැන්ටොස් ට 1931 දී කන්යා සොහොයුරියක්ව සිටියදී ජේසුස් වහන්සේ විසින් දර්ශණයනයවී අවසාන යාච්ඤා දෙක ඉගැන්වූහ. යාච්ඤා හතෙන්, ජපමාල දශකයේ යාච්ඤාව(ජපමාල පංති යාච්ඤාව) වඩාත් ප්රසිද්ධ සහ වඩාත් පුළුල් ලෙස පාරායනය වේ. පහත සෑම යාච්ඤාවක් සඳහාම, පෘතුගීසි මුල් පිටපත සමඟ ඉංග්රීසි පරිවර්තනයක් ලබා දී ඇත.