පාසල්
From Wikipedia, the free encyclopedia
පාසල යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සඳහා ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ ඉගෙනුම් පරිශ්‍රයන් සහ ඉගෙනුම් පරිසරයන් සැපයීමේ අරමුණින් සැලසුම්කරන ලද ආයතනයක් වේ. බොහෝ රටවල සාමාන්‍යයෙන් අනිවාර්ය වූ විධිමත් අධ්‍යාපන පද්ධතීන් පවතී. මෙහි දී සිසුහු පාසල් මාලාවක් තුළින් ස්වකීය ප්‍රගතිය සාක්ෂාත් කරගනිති. මෙම පාසල් සඳහා විවිධ රටවල විවිධ යෙදුම් භාවිත වන නමුත් බාල දරුවන් උදෙසා ප්‍රාථමික පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ ගැටවර පිරිස් වෙනුවෙන් පවතින ද්විතීයික පාසල් ප්‍රධාන වේ. උසස් අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතන පොදුවේ විශ්වවිද්‍යාල යනුවෙන් හැඳින්වේ.මෙම මූලික පාසල්වලට අමතර ව සමහර රටවල සිසුහු ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයට පෙර මෙන් ම පසු ව ද පවත්වනු ලබන විවිධ පාඨමාලාවන් හදාරති. ළදරුපාසල් හෝ පෙරපාසල් යනු වයස අවුරුදු 3ත් 5ත් අතර වැනි ඉතා බාල වියෙහි දැරියන් උදෙසා පවත්වන පාසල් වැඩසටහන් ය. ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ව විශ්වවිද්‍යාල, පුහුණු පාසල්, උසස් විදුහල් හෝ සෙමනේරි වැනි ආයතනවල අධ්‍යාපනය ලැබිය හැකි ය. නෘත්‍ය පාඨශාලාවන් හෝ ආර්ථිකවිද්‍යා පාඨශාලාව වැනි යම්කිසි විෂය ක්ශේත්‍රයකට අයත් පාඨමාලාවන් පමණක් ලබාදෙන ආයතන ද පවතී. විකල්ප පාසල් තුළ දී සම්ප්‍රදායෙන් බැහැර නිර්දේශයන් සහ ක්‍රමවේදයන් යටතේ අධ්‍යාපනය ලබාදිය හැකි ය.රාජ්‍ය නොවන ආයතන විසින් පවත්වන පාසල් ද පවතින අතර මේවා පෞද්ගලික පාසල් යනුවෙන් හඳුන්වනු ලැබේ. නිසියාකාර හෝ සුවිශේෂී රාජ්‍ය අධ්‍යාපන පද්ධතියක් නොපවතින විට පෞද්ගලික පාසල් පිහිටක් විය හැකිය. ක්‍රිස්තියානි පාසල්, හවුසා (මුස්ලිම් පාසල්) , යෙෂිවා (යුදෙව් පාසල්) වැනි ආගමික අරමුණු මත පවත්වාගෙන යනු ලබන පෞද්ගලික පාසල් මෙන් ම ගුණාත්මක බවින් වැඩි අධ්‍යාපනයක් සැපයීම හෝ වෙනත් පෞද්ගලික අභිමතාර්ථ පිණිස ද පෞද්ගලික පාසල් පවත්වා ගෙන යනු ලැබේ. යුධපුහුණුව සහ ව්‍යාපාර පාසල් වැනි ආයතන වැඩිහිටියන් ඉලක්ක කරගත් පාසල්වලට නිදසුන් ය.ගෘහස්ත පාසල් සහ අන්තර්ජාල මාධ්‍ය පාසල් යනු සාම්ප්‍රදායික පාසල් ගොඩනැගිලිවලින් බැහැර ව ස්ථානගත වන පාසල් විශේෂයකි. පොදු වශයෙන් පාසල් විවිධ සංවිධාන ව්‍යුහයන් යටතේ පැවතිය හැකි ය.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |