From Wikipedia, the free encyclopedia
පොද වැස්ස යනු, වැස්සට වඩා කුඩා ජල බිංදු වෙතින් – සාමාන්‍යයෙන් විෂ්කම්භය 0.5 mm (0.02 in) ට වඩා කුඩා – සමන්විත සැහැල්ලු ද්‍රව වර්ෂණයකි. [1] පොද වැස්ස සාමාන්‍යයෙන් සැදෙනුයේ පහළ මට්ටමෙහි ස්ථරීකෘත වලාකුළු සහ ස්තර කැටි වලාකුළු වෙතිනි. පොද වැස්ස වෙතින් නිමැවෙන වර්ෂණ ශීඝ්‍රතාවයන් වනුයේ පොළොව මතදී දිනකට මිලිමීටරයක් (0.04 අඟ) හෝ ඊට අඩු අගයයක් වෙයි. පොද වැසි බිඳිති වල කුඩා ප්‍රමාණය නිසා, පෘෂ්ඨයක් මත පතිත වීමට පෙර බොහෝ අවස්ථා වලදී පොද වැස්සෙන් අධික ප්‍රමාණයක් වාෂ්පීභවනය වන අතර එබැවින් පොළොව මත නිරික්ෂකයන් විසින් ආවේදනය කරනු නොලැබිය හැකිය. පොද වැස්ස සඳහා මෙටාර් කේතය වනුයේ DZ වන අතර හිමායන පොද වැස්ස සඳහා එය FZDZ වෙයි. [2]
පොද වැස්ස වෙතින් මානවයන් කෙරෙහි අවම ක්ෂණික බලපෑම් පමණක් ඇති කරන නමුදු, හිමායන පොද වැස්ස හේතුවෙන් අනතුරු සහිත තත්ත්වයන් ජනිත විය හැකිය. හිමායන පොද වැස්ස ඇතිවන්නේ, හිමාංකයට වඩා පහළ උෂ්ණත්වයක පවතින පෘෂ්ඨයක් මතට අධිශීත පොද වැස්ස පතිතවූ විටදීය. [3] මෙම බිඳිති පෘෂ්ඨය මත ගැටෙත්ම ක්ෂණයෙන් මිදෙන අතර, මාර්ග පෘෂ්ඨය මත තහඩු අයිස් ( කළු අයිස් ලෙසින්ද සමහරවිට හැඳින්වෙයි) සැදීමට ඉවහල් වෙයි.
විශේෂිත ලෙසින් උපනිවර්තන කලාපයන්හී සිසිල් ප්‍රදේශ තුලදී, ලෝකයෙහි සාගරයන්හී විශාල ප්‍රදේශ මත බහුල ලෙසින් වර්ෂණය සිදු කෙරෙන ආකාරය වන්නේ පොද වැස්ස වෙයි. මෙම ප්‍රදේශයන්හී බහුලව දක්නට ලැබෙන්නේ නොඋස් සාමුද්‍රීය ස්තර කැටි සහ වෙළෙඳ සුලං කැටි වලාකුළු වන අතර, මේවා සම්පූර්ණයෙන්ම පිහිටන්නේ සාමුද්‍රීය මායිම් ස්තරය තුලය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.