බියුටි ඇන්ඩ් ද බීස්ට් (2017 චිත්‍රපටය)
From Wikipedia, the free encyclopedia
බියුටි ඇන්ඩ් ද බීස්ට් යනු 2017 බිල් කොන්ඩන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු සංගීතමය ප්‍රේම වෘත්තාන්ත ෆැන්ටසි චිත්‍රපටයකි. මෙහි තිර රචනය සිදුකරන ලද්දේ ස්ටීවන් ච්බොස්කි සහ එවන් ස්පිලියොටොපෞලෝස් විසිනි. මෙහි සම-නිෂ්පාදනය, වෝල්ට් ඩිස්නි පික්චර්ස් සහ මැන්ඩවිල් ෆිල්ම්ස් ආයතන විසින් සිදුකරන ලදී.[3] මෙම චිත්‍රපටය සජීවී ක්‍රියාදාම/CGI-සජීවීකෘත[4] චිත්‍රපටයක් වන අතර එය ඩිස්නි 1991 එම නාමයම ඇති සජීවීකරණ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙම කෘති දෙකම ජීන්-මේරී ලේප්රින්ස් ඩි බියොමොන්ට්ගේ දහඅටවන සියවසේ සුරංගනා කථාවෙහි අනුවර්තනයකි. චිත්‍රපටයේ රංගන ශිල්පීන් සැලකූ විට එමා වොට්සන් සහ ඩෑන් ස්ටීවන්ස් විසින් මෙහි ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන අතර, ලූක් එවන්ස්, කෙවින් ක්ලයින්, ජෝෂ් ගෑඩ්, එවන් මැක්ග්‍රෙගර්, ස්ටැන්ලි ටකී, ඕඩ්රා මැක්ඩොනල්ඩ්, ගුගු ම්බතා-රෝ, ඉයන් මැකෙලන් සහ රමා තොම්සන් සහාය චරිත නිරූපණය කරති.[5]
බියුටි ඇන්ඩ් ද බීස්ට් | |
---|---|
![]() සිනමාහල් ප්‍රවර්ධන පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | බිල් කොන්ඩන් |
තිර රචනය |
|
නිශ්පාදනය |
|
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | ටෝබියස් ඒ. ෂ්ලීස්ලර් |
සංස්කරණය | වර්ජිනියා කැට්ස් |
සංගීතය | ඇලන් මෙන්කෙන් |
Production companies |
|
බෙදාහැරීම | වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් මෝෂන් පික්චර්ස් |
නිකුත්වූ දින |
|
තිර කාලය | මිනිත්තු 129[1] |
රට | එක්සත් ජනපදය |
භාෂාව | ඉංග්‍රීසි |
පිරිවැය | $ මිලියන 160[2] |
ආදායම | $ බිලියන 1.052[lower-alpha 1] |
ප්‍රධාන ඡායාරූපකරණය ආරම්භ වූයේ 2015 මැයි 18 දින එංගලන්තයේ සරේහි ෂෙපර්ටන් ස්ටූඩියෝස්හි දී ය. එය අගෝස්තු 21 දින අවසන් විය. බියුටි ඇන්ඩ් ද බීස්ට් ප්‍රදර්ශනය ඇරඹූයේ ලන්ඩනයේ 2017 පෙබරවාරි 23 ස්පෙන්සර් හවුස්හි දී ය. එක්ස්ත ජනපදය තුළ එය 2017 මාර්තු 17 දින සම්මත, ඩිස්නි ඩිජිටල් 3-D, RealD 3D, IMAX සහ IMAX 3D යන ආකෘති සමග ඩොල්බි සිනමා ක්‍රමයෙන් ද මුදාහැරිණි.[6] විචාරකයන් වෙතින් පොදුවේ යහපත් ප්‍රතිචාර ලද මෙම චිත්‍රපටය ලොව පුරා ඇ.ඩො. බිලියන 1කට අධික ආදායමක් උපයා ගත්තේ 2017 ඉහළම ආදායම් ලබන චිත්‍රපටය සහ සර්වකාලීන 21වන ඉහළම ආදායම ලබන චිත්‍රපටය බවට පත් විය.