මකර හිස සහ සුළං සීනුව
From Wikipedia, the free encyclopedia
මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව (ඉංග්‍රීසි: Rafter finial in the shape of a dragon's head and wind chime; කොරියානු: 금동 용머리 모양 처마 끝 장식과 작은 종; චීන: 金銅龍頭吐首風鐸 高麗) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 10වන සියවසේ කොරියාවේ මුල්කාලීන ගොර්යෝ රාජවංශ සමයේ නිර්මාණය වූ ලෝහමය සුළං සීනුවකි. මෙය රාජ මාලිගාවක හෝ බෞද්ධ විහාර ගොඩනැගිල්ලක් අලංකාර කිරීම සඳහා භාවිතා වන්නට ඇත. රන් ආලේප කරන ලද ලෝකඩ මාධ්‍යයෙන් නිර්මිත මෙය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත ය. එනම්: සුළං සීනුව සහිත පහළ කොටස සහ මකර හිස සහිත ඉහළ කොටසයි. මකර හිස සහිත ඉහළ කොටසේ වූ ඇස්, මුඛය, අං, කන්, විවෘත මුඛය සහ අනෙක් කොටස්වල අලංකාර මෝස්තර රටාවක් දැකගත හැක. සුළං සීනුවේ ඉහළ කොටසේ ඇති කොක්කක් වැනි ව්‍යූහයෙන් සීනුව සහ මකර හිසෙහි නිකට එකිනෙක සම්බන්ධ කරන ලදී.[1] සුළං සීනුවේ පහළ දෙපස මුහුණත්වල නෙළුම් මල් රටාවකින් ආවරණය වූ වෘත්තාකාර පෘෂ්ඨයක් මධ්‍යයේ ස්වස්තිකයක් දැකගත හැක. මෙය බුදුන් වහන්සේ හා සම්බන්ධ පුරාතන සංකේතයක් යැයි සැලකේ.[2] ආසියානු සංස්කෘතිය තුළ මකරාගේ රුව ආරක්ෂාවේ සහ භයංකාරභාවයේ සංකේතයක් ලෙස සැලකෙන හෙයින්, මෙම ලෝකඩ මකර හිස් හැඩැති පරාල අග්‍රය සහිත සුළං සීනුව රාජ මාලිගයක් හෝ බෞද්ධ විහාරයක තැන්පත් කොට තිබෙන්නට ඇතැයි සිතිය හැක.[1]
මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව | |
---|---|
කොරියානු: 금동 용머리 모양 처마 끝 장식과 작은 종 고려 | |
වර්ෂය | 10වන සියවස (මුල්කාලීන ගොර්යෝ රාජවංශය) |
වර්ගය | ප්‍රතිමාව |
මාධ්‍යය | රන් ආලේපිත ලෝකඩ |
පිහිටීම | මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක් නගරය |
ප්‍රවේශනය | 1999.263a, b |