මධ්‍ය-ඇමරිකාව
From Wikipedia, the free encyclopedia
මධ්‍ය-ඇමරිකාව යනු, දළ වශයෙන් මධ්‍යම මෙක්සිකෝවෙහි සිට බෙලීස්, ගෞතමාලාව, එල් සැල්වදෝරය, හොන්ඩූරස්, නිකරගුවා, සහ උතුරු දිග කොස්ටා රිකා දක්වා විහිදෙන, ඇමරිකාවන්හී ප්‍රදේශයක් සහ සංස්කෘතික භූමි ප්‍රදේශයක් වන අතර, 15 වන සහ 16 වන සියවස්හී, ඇමරිකාවන්හී ස්පාඤ්ඤ ජනපදකරණයට පෙර මෙම භූමිය තුල පූර්ව-කොළොම්බියානු ජන සමාජයන් කිහිපයක් සමෘද්ධියට පත්වී තිබිණි.[1] [2]පුරාතන ශිෂ්ටාචාරයන් ස්වාධීන ලෙසින් පැනනැගුණු ලොව පෙදෙස් හයෙන් මෙය එකක් වන අතර, වර්තමාන පේරු රටෙහි උතුරු දිග වෙරළෙහි නොර්ටෙ චිකෝ (කරාල්-සූපේ) පෙදෙසට පසුව ඇමරිකාවන්හී එවැනි දෙවන පෙදෙස වෙයි.