මහාබලිපුරම් ස්මාරක සමූහය
ඉන්දියාවේ තමිල් නාඩුවේ මහාබලිපුරම්හි පිහිටි යුනෙස්කෝ ලෝක උරුම අඩවිය / From Wikipedia, the free encyclopedia
මහාබලිපුරම් ස්මාරක සමූහය යනුවෙන් හඳුන්වන්නේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටි ස්මාරක සංකීර්ණයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙය පිහිටියේ චෙන්නායි අසල ය. සිද්ධස්ථාන 40කින් පමණ සමන්විත මෙයට ලොව විශාලතම එළිමහන් ශෛලමය උන්නත කැටයම ද අයත් යත 1984දී මහාබලිපුරම් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණි.[1] මෙම පල්ලව යුගයේ අඩවි අතරට පංච රථ ලෙස සැලකෙන ධර්මරාජ රථ, අර්ජුන රථ, භීම රථ, ද්‍රෞපදි රථ, නකුල සහදේව රථ, සමගින් ගනේෂ රථයත්; වරාහ ලෙන් දේවාලය, ක්‍රිෂ්ණා ලෙන් දේවාලය, මහීෂාසුරමර්දිනී මණ්ඩප, පංචපාණ්ඩව ලෙන් දේවාලය ඇතුළු මහාබලිපුරම්හි ලෙන් දේවාල කිහිපයකුත්; වෙරළාන්ත දේවාලය සහ ඕලක්කනේස්වර දේවාලය ඇතුළු ව්‍යූහමය දේවාලත්; සහ ලොව විශාලතම හළිමහන් අල්ප-උන්නතවලින් එකක් ලෙස සැලකෙන ආකාශ ගංගාවරෝහණය කැටයමත් අයත් වේ.[1][2] මහාබලිපුරම් එහි ගෘහනිර්මාණ ශිල්පයේ අරුමය හේතුවෙන් ප්‍රකට වී ඇත.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | සංස්කෘතික: i, ii, iii, iv |
මූලාශ්‍ර | 249 |
අභිලේඛනය | 1984 (8වන සැසිය) |