මිල ඉල්ලුම් නම්‍යතාවය
From Wikipedia, the free encyclopedia
අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදි භාණ්ඩයක මිල වෙනස්විමට සාපෙක්ෂව ඉල්ලුමෙහි සිදුවන ප්‍රතිචාරාත්මක වෙනස ගණනය කිරිම මිල ඉල්ලුම් නම්‍යතාවය මගින් සිදුවේ. එසේ සිදුවන ප්‍රතිචාරාත්මක වෙනස නමය්‍යතාවය නම් වේ. මේ පිලිබද ව මුල්වරට කරුණු දක්වන ලද්දේ ඇල්ප්‍රඩ් මාෂල් විසිනි.
මිල ඉල්ලුම් නම්‍යතාවය සැමවිට ම සෘණ අගයක් ගනු ලබයි. එයට හේතුව භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පැවතිමයි. එම ප්‍රතිලෝම සම්බන්ධය ඉල්ලුම් නීතිය ලෙස හදුන්වයි. නමුත් ගණනය කිරීම් වලදී මෙම සෘණ සලකුණ නොසලකා හරිනු ලබයි. ගිෆන් භාණ්ඩ සදහා මිලත් ඉල්ලුම් ප්‍රමණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නොමැත. එම භාණ්ඩ සදහා ඇත්තේ අනුලෝම සම්බන්ධයකි. මිල ඉල්ලුම් නමය්‍යතා සංගුණකය එකට වඩා අඩු අගයක් ගන්නා භාණ්ඩ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ ලෙස හදුන්වන අතර මිල ඉල්ලුම් නමය්‍යතා සංගුණකය එකට වඩා වැඩි අගයක් ගන්නා භාණ්ඩ නම්ය ඉල්ලුමක් ඇති භාණ්ඩ ලෙස හදුන්වයි.
අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල විශාල වශයෙන් වෙනස් වුවද එයට ප්‍රතිචාර වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් නොවන අතර සුළු ප්‍රමාණයක් වෙනස්වේ. නම්ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල ඉතා සුළු වශයෙන් වෙනස් වුවද එයට ප්‍රතිචාර වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස්වේ. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය එකක් වන භාණ්ඩ ඒකීය නම්ය ඉල්ලුමක් ඇති භාණ්ඩ ලෙස හදුන්වයි. මෙම භාණ්ඩ වල මිල වෙනස් වන ප්‍රමාණයට සමාන ලෙස ම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වේ.