From Wikipedia, the free encyclopedia
මූලික වීජ ගණිතය සමන්විත වන්නේ ගණිතයෙහි ප්‍රධාන ශාඛාවන්ගෙන් එකක් වන වීජ ගණිතයෙහි මූලික සංකල්පයන් කිහිපයක් වෙතින් වෙයි. අංක ගණිතය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය මත පදනම් වෙමින් ද්වීතියික පාසැලෙහි සිසුන්ට එය සාමාන්‍යයෙන් උගන්වනු ලැබෙයි.
මූලික වීජ ගණිතය යනු වීජ ගණිතයෙහි සරලම ආකාරයයි. එය අංක ගණිතයේ මූලික මූලධර්ම ඉක්මවූ ගණිත දැනුමක් නොමැති යැයි සිතිය හැකි සිසුන් හට උගන්වනු ලැබේ. අංක ගණිතයේදී ඉලක්කම් හා ඒවායේ ගණිත කර්මයන් (+, −, ×, ÷ වැනි) පමණක් භාවිතා වේ. වීජ ගණිතයේදී ඉලක්කම් (අංක) නිතරම සංකේත (a, x, හෝ y වැනි) වලින් දක්වයි.
මෙය ප්‍රයෝජනවත් වීමට හේතු:
බහු පද ප්රකාශනයක් යනු ආකලනය , ව්‍යාකලනය හා ගුණනය යන කර්මයන් පමණක් භාවිතා කරමින් විචල්‍යයන් සහ නියත එකක් හෝ කිහිපයක් ඇසුරින් ගොඩනගනු ලබන ප්රකාශනයකි.(මෙහිදී එකම විචළ්යයක පුණරාවර්තිත ගුණිතය ධන පූර්ණ සංඛ්‍යාමය ඝාතයක් සමග නියතයක ඝාතීයකරණය නම් වේ.) නිදසුනක් ලෙස යනු x නමැති තනි විචල්‍යයේ බහුපද ප්රකාශනයකි.
වීජ ගණිතයේ හමුවන වැදගත් ගැටළු කාණ්ඩයක් ලෙස බහුපද ප්රකාශනවල සාධක සෙවීම හඳුනා ගත හැක. එහිදී ඇති බහුපදය වෙනත් බහුපදවල ගුණිතයක් ලෙස ප්‍රකාශ කෙරේ. ඉහත නිදසුනක් ලෙස ගත් බහුපද ප්රකාශනය ලෙස සාධකවලට වෙන්කළ හැක.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.