මෙරිටාටන්
From Wikipedia, the free encyclopedia
මෙරිටාටන් හෙවත් මෙරිටාටෙන් හෝ මෙරියේටාටන් (ක්රි.පූ. 14වන සියවස) යනුවෙන් හඳුන්වන්නේ දහඅටවන රාජවංශයේ විසූ, පුරාතන ඊජිප්තු රැජිනකි. ඇය විසින් අක්නාටන්ගේ පුත්රයකු හෝ සොහොයුරකු විය හැකි යැයි සැලකෙන පාරාවෝ ස්මෙන්ඛ්කරේගේ මහා රාජකීය බිරිඳ ලෙස කටයුතු කර තිබේ. ඇගේ නාමයේ අරුත "ආටන්ගේ ප්රියාදර තැනැත්තිය" යන්නයි. ආටන් යනු ඇගේ පියා විසින් වන්දනාමාන කළ හිරු දෙවියන් ය. මෙරිටාටන් විසින් ඇතැම්විට අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් යන නාමයෙන් රාජ්ය පාලනය ගෙන යන්නට ඇත.[1]
Quick Facts මෙරිටාටන්, උපත ...
මෙරිටාටන් | ||||||
---|---|---|---|---|---|---|
ඊජිප්තුවේ අගබිසව, මහා රාජකීය බිරිඳ, රජුගේ දියණිය | ||||||
උපත | තීබ්ස්? | |||||
වල්ලභයා | පාරාවෝ ස්මෙන්ඛ්කරේ | |||||
දරුවන් | මෙරිටාටන් ටැෂෙරිට් | |||||
ඊජිප්තු නාමය | ||||||
රාජවංශය | ඊජිප්තුවේ 18වන රාජවංශය | |||||
පියා | අක්නාටන් | |||||
මව | නෙෆර්ටිටි | |||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම සහ ආටන්වාදය |
Close