යුග අස්ථිය
From Wikipedia, the free encyclopedia
මිනිස් හිස්කබලේ පිහිටි යුග අස්ථිය (කම්මුල් අස්ථිය හෝ කොපුල් අස්ථිය හෝ යුගවක්ර ඇටය) යනු යුගලමය අස්ථියක් වන අතර, එය ඌර්ධවහනුක අස්ථිය, ශංඛක අස්ථිය, කීලාස්ථිය සහ ලලාට අස්ථිය සමග සන්ධානය වේ. එය පිහිටියේ මුහුණේ ඉහළ සහ පාර්ශ්වික පෙදෙස්වල වන අතර, එය ප්රමුඛ කම්මුල්, අක්ෂිකූපයේ පාර්ශ්වික බිත්තියේ සහ පත්ළේ කොටසක්, සහ ශංඛක හා අධෝශංඛක නිඛාත ඇතිකරයි. එය යුග පෘෂ්ඨයක් සහ ශංඛක පෘෂ්ඨයකින් සමන්විත ය. එසේම එය ලලාටකීලාස්ථි, අක්ෂිකූප, ඌර්ධවහනුක සහ ශංඛක යන ප්‍රසර හතරක් සහ දාර හතරකින් සමන්විත ය.
Quick Facts යුග අස්ථිය, තොරතුරු ...
යුග අස්ථිය | |
---|---|
තොරතුරු | |
ලතින් | os zygomaticum, zygoma |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.164 |
TA | A02.1.14.001 |
FMA | 52747 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close