යුද්ධ නැව්
From Wikipedia, the free encyclopedia
යුධ නෞකා ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර අධික බරකින්ද යුක්ත වේ. සන්නාහ සන්නද්ධ වූ මෙම නෞකා වල, විශාල තුවක්කු සංඛ්‍යාවක් සහිත කාලතුවක්කු කණ්ඩායමක් ඇත. මෙම යුධ නෞකා වල අවිබලය සහ සවිබලය, කෲශර් සහ ඩිස්ට්රෝය්රර් යාත්‍රා වලට වඩා ඉහළ තත්ත්වයක පවතී. සැම විටම තියුණු බව රඳවා ගැනීමට මෙම යුධ නෞකා වල මෝස්තර, කාලීනව, තාක්ෂණයට අනුකූලව වෙනස් කම් වලට බඳුන් වෙයි. "යුධ නෞකාව" යන අරුත 1974 වර්ෂයේදී පමණ "යුධ නෞකා සේනාව" යන්නෙන් බිඳී ආවකි. 1905 මැයි මස 27 වන දින "සුෂීමා සටන" අතරතුර වැඩියෙන්ම යොදා ගත් නැව් හැඳින්වීමට, යුධ නෞකා යන වචනය යොදා ගන්නා ලදී. මෙම නෞකා පූර්ව "ඩ්රෙ(ඩ්)නෝට් නෞකා ලෙස හඳුන්වයි. සුෂීමා සටනින් මාස පහකට පසු, එනම් 1905 ඔක්තෝම්බර් මාසයේදී යුධ නෞකාවල නව වංශ කතාව ආරම්භ විය. 1906 පමණ සිට මෙම යුධ නෞකා ඩ්රෙ(ඩ්)නෝට් ලෙස හඳුන්වනු ලැබිණි. යුධ නෞකා, නාවික ආධිපත්‍යයේ සහ ජාතික ශක්තියේ බලසම්පන්න සලකුණක් විය. දශක ගණනාවකට ජාතික හා හමුදාමය මූලයෝපයන්හි ප්‍රධාන සාධකය වීමට මෙම යුධ නෞකා වලට හැකි විය. යුධ නැවු තැනීම සඳහා වූ ගෝලීය අවි තරඟය පලමුවන ලෝක යුද්ධය සඳහා හේතු විය. වර්ෂ 1920-1930 අතර කාලයේදී යුධ නෞකා ප්‍රමාණයෙහි අඩුවක් දක්නට තිබුනද, ඒවායේ වර්ධනය හෝ නවීකරණය වීම පෙරසේම සිදු විය. දෙවැනි ලෝක යුද්ධයේදී, මිත්‍ර පාර්ශවයන් මෙන්ම අක්ස පාර්ශවයන් පැරණි හා අලුත් යුධ නෞකා භාවිත කලහ.
එහෙත් සමහර ඉතිහාසඥයින් සහ නාවික න්‍යායාචාරීන් ඩ්රෙ(ඩ්)නෝට් හි වටිනාකම පිළිබඳව ප්‍රශ්න කලහ. ඩ්රෙ(ඩ්)නෝට් නෞක වලට වැඩි අවිබලයක් හා සවිබලයක් තිබුනද, මේවා කුඩා හා මධ්‍යම ප්‍රමාණ යුධ නාශක උපක්‍රම වන, ටොර්පිඩෝ, නාවික බෝම්බ, ගුවන් ප්‍රහාර හා ඉලක්කගත මිසයිල වලට පහසුවෙන්ම ගොදුරු වෙයි. මෙම අනතුරු වල ඉහළ යාම නිසා මේවා ක්‍රමයෙන් ගුවන් යානා රැගෙන යන්නන් ලෙස ආදේශනය විය. එක්සත් ජනපද නාවික හමුදාව මඟින් මෙම නෞකා, වෙඩි තැබීම් සහායකයක් ලෙස යොදා ගත්හ. 2006 මාර්තු මාසයේදී අවසාන යුධ නෞකාවද එක්සත් ජනපද නාවික බලගණයෙන් ඉවත් කෙරිණි.