From Wikipedia, the free encyclopedia
ෆ්ලෑෂරයකද උපකාරය ඇතිව ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ෆ්ලෑෂරය කැමරා කාචයට ආසන්න විට මෙම රතු ඇස් සංසිද්ධිය ඇති වේ.
ෆ්ලෑෂරයේ ආලෝකයේ වේගවත් කම වැඩිවීම නිසා ඇසේ කළු ඉංගිරියාව වැසීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොලැබේ. එවිට ආලෝකය රුධිරය බහුල ප්‍රදේශයක් පසු කර යන බැවින් එම ප්‍රදේශ හඳුනාගන්නේ රතු පැහැ ප්‍රදේශ ලෙසිනි. මෙම සංසිද්ධිය අළු පැහැති හා නිල්වන් ඇස් ඇති අයගේ මෙන්ම කුඩා ළමුන්ගේ බහුලව දැකගත හැකිය. මීට හේතුව මෙම ඇස් ඇත්තවුන්ගේ අක්ෂි පටලයේ මෙලනින් දර්ශකය අඩු බැවින් ඒවා මගින් වැඩි ආලෝක ප්‍රමාණයකට ඇස තුළට යාමට ඉඩ සලසා දීමය. කුඩා ළමුන්ගේ කළු ඉංගිරියාව ඉතා කුඩා ආලෝක ප්‍රමාණයකට වුවද සම්පුර්ණයෙන් විවෘත වීම නිසා මෙම සංසිද්ධිය සිදු වේ.
රතු ඇස සංසිද්ධිය ක්‍රම කිහිපයකින් මඟ හරවා ගත හැකිය,
ෆ්ලෑෂරය භාවිතා කිරීම අවශ්‍ය නම් වස්තුවට කැමරාවේ සිට ඇති දුරෙන් 1/20 ක් දුරින් ෆ්ලෑෂරය තැබීම යෝගය වේ. වෘත්තීය ඡායාරූප ශීල්පින් රතු ඇස් නිවැරදි කිරීම සඳහා පසුතල ආලෝකය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.