![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f5/Anatomy_of_a_Male_Nude.jpg/640px-Anatomy_of_a_Male_Nude.jpg&w=640&q=50)
රූ සිතුවම්කරණය
From Wikipedia, the free encyclopedia
රූ සිතුවම්කරණය (Figure drawing) යනු මිනිස් සිරුරේ විවිධ හැඩ සහ ස්ථාන ඇඳීමෙහි ලා ඇති ව්‍යායාමයකි. ජීවන ඇඳීම යනු සජීවී මිනිස් නිරූපණයක් සිතුවමකට නැඟීමයි. රූ සිතුවම්කරණය යනු ඉතා සංවාදාත්මක විෂයයක් වන අතරම එහි නිරත වන කලා ශිල්පියා බොහෝ විට සටන් හෝ ඒ ආශ්රිත දෑ වලට ඈඳා ගැනීමට ද හේතු වන ප්‍රබල කලාවකි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f5/Anatomy_of_a_Male_Nude.jpg/640px-Anatomy_of_a_Male_Nude.jpg)
මිනිස් රුව යනු දෘශ්‍ය කලාවේ ඇති චිරස්ථායී තේමාවන්ගෙන් එකකි. එසේම රූ සිතුවම්කරණය ආලේඛ්‍ය චිත්‍ර, කාටුන් සහ හාස්‍යමය පොත්වල රූ සටහන්කරණය, මූර්ති කලාව, වෛද්‍ය රූ සටහන්කරණය සහ වෙනත් ක්ෂේත්රවලට යොදා ගනී. මෙම සිතුවම්කරණය ඉතා පහසුය. අභින ඇඳීමක දී නම් අඟුරු සහ පැන්සල් හෝ අනෙක් ඇඳීමේ උපකරණය යොදා ගනී. එහෙත් වර්ණක භාවිත කරන්නේ නම් එවිට එම සිතුවම්කරණය රූ චිත්‍ර කලාව නම් වේ