වල්පොල රාහුල තෙරණුවෝ
From Wikipedia, the free encyclopedia
පූජ්‍ය මහාචාර්යය වල්පොළ ශ්‍රී රාහුල මහා තෙරුන් (1907-1997) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ ලේඛකයෙකු වූහ. උන්වහන්සේ 20වන සියවසෙහි ශ්‍රී ලාංකීක ප්‍රාඥයන් අතුරින් ප්‍රමුඛයෙක් ලෙස සැලකේ. 1964දී උන්වහන්සේ, නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයෙහි, ඉතිහාසය හා ආගම් පිළිබඳ මහාචාර්යය පදවියට පත් වීමෙන්, බටහිර ලෝකයෙහි මහාචාර්යය ධුරන්දර තනතුරක් හෙබවීමට වරම් ලැබූ පළමු භික්ෂුව වූ සේක. උන්වහන්සේ වරෙක එකල විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි (දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස වැහැරේ) උප-කුලපති පදවිය හෙබවූහ. උන්වහන්සේ බුද්ධාගම පිළිබඳව ඉංග්‍රීසියෙන්, ප්‍රංශ බසින්, හා සිංහලයෙන් පුළුල් ලෙස ගත්කතුවරණයෙහි යෙදී ඇත . පූජ්‍ය තෙරුන්වහන්සේ විසින් රචිත වට් ද බුද්ධා ටෝට් (සිංහල පරිවර්තනය “බුදුන් වදාල ධර්මය” ) ග්‍රන්ථය, බොහෝ දෙනෙකු දකින්නේ ථෙරවාද බුද්ධාගම [1] පිළිබඳ ලියැවී ඇති ඉස්තරම් පොත් කිහිපය අතුරින් එකක් ලෙසය.
අග්ග මහා පණ්ඩිත පූජ්‍ය මහාචාර්යය වල්පොළ ශ්‍රී රාහුල මහානාහිමි | |
---|---|
ආගම | බෞද්ධ |
ගුරුකුලය | ථේරවාද |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
උපත | 1907 වල්පොල, ශ්‍රී ලංකාව |
මරණය | 1997 |