වාස්තු ශාස්ත්‍රය
From Wikipedia, the free encyclopedia
ගෘහනිර්මාණ ශිල්පය සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
වාස්තු ශාස්ත්‍රය යනු, සාම්ප්‍රදායික හින්දු ගෘහ නිර්මාණ ශිල්පයක් වන අතර [2] එය වචනාර්ථයෙන් පරිවර්තනය වන්නේ "ගෘහ නිර්මාණ ශිල්පයෙහි විද්‍යාව" ලෙසිනි.[3] සැලසුම, වින්‍යාසය, මිනුම්, භූමිය පිළියෙල කිරීම, අවකාශය සංවිධානය කිරීම සහ, අවකාශීය ජ්‍යාමිතිය යන්නෙහි මූලධර්ම විස්තර කෙරෙන කෘතීන් ඉන්දියානු උපමහාද්වීපය තුල හමු වී ඇත.[4][5] වාස්තු ශාස්ත්‍රයන්හී සාම්ප්‍රදායික හින්දු මෙන්ම සමහරක් අවස්ථාවන්හීදී බෞද්ධ ඇදහිලි අන්තර්ගත වෙයි.[6] ස්වභාව ධර්මය, ව්‍යුහයෙහි විවිධ කොටස් වල සාපේක්ෂ කර්තව්‍යයන් සහ, ජ්‍යාමිතික රටා (යන්ත්‍ර (ඉන්දියානු ආගම්)), සමමිතිය සහ, දිශාත්මක පෙළ ගැන්නුම් අනුසාරයෙන් වන පුරාතන විශ්වාස හා සමගින්, ගෘහ නිර්මාණ ශිල්පය සංයෝජනය කිරීම මෙම සැලසුම් වල අදහස විය.[7][8]
වාස්තු ශාස්ත්‍රය නිර්මාණය වී ඇත්තේ කොටස් 5 කිනි.
එනම්,
- භූමි
- ජලය
- වායු
- අග්නි
- අකාශ