From Wikipedia, the free encyclopedia
වැයපතක් හෙවත් වවුචරයක් යනු යම් මුදල් වටිනාකමක් ඇති හා විශේෂිත හේතූන් මත හෝ නිශ්චිත බඬු සඳහා පමණක් හෝ වියදම් කළ හැකි වන හුවමාරු කළ හැකි[1] ගනුදෙනු පන්නයේ බැඳුම්කරයකි. නිවාස, සංචාර හා අහර වැයපත් නිදසුන් වේ. වැය පත යන පදය ලදුපතක් (රිසිට්පතක්) සඳහා පර්යාය පදයක් ද වන අතර එය බොහෝ විටැ යෙදෙනුයේ සේවාවක් සිදු කැරැ ඇති බවට හෝ වියදමක් කැරැ ඇති බවට හෝ දිපැවසුමට[2] දෙස්[3] පිණිසැ ගැනෙනා ලදුපත් හඟවනුවයි. වැයපත යනු නියෝජිතායතනයේ ගෙවීම් සහතිකයක් සහිත සේවාවන් භාවිතා කිරීම සඳහා වන දසුන්සැරි නුයැවියකි[4].
මේ පදය මෙයට තරමක් වෙනස් වන පාසල් වැයපත් සඳහා ද බහුල වැ යෙදේ.
වැයපතක් යනු විකුණන්නකු හෝ සේවා සපයුවකු හෝ වැනි බැහැරි ආයතනයකට ගෙවීමක් කැරුමට අබතුරු අභිප්රායක් නියෝජනය කරනා ගිණුම් ලේඛනයකි. සැමැනියෙන් වැයපතක් සාදනුයේ විකුණන්නාගෙන් ඉන්වොයිසියක් ලැබීමෙන් පසු වැ, එය සාර්ථක වැ මිලදී ගැනීමේ ඇණැවුමකට ගැලැපීමෙන් පසු වැ යි. වැයපතෙකැ ගෙවන්නා පිළිබැඳි සවිසිතුරු තොරතුරු, ගෙවීමේ මුදල් පමණ, ගනුදෙනුව පිළිබැඳි විතරක් හා තවත් දෑ හා අඩංගු වේ. ගෙවියැ-යුතු-ගිණුම් සැටි තුළැ, නොගෙවූ වැයපත්වලට අනුරූප ගෙවීම් දනවනුව "ගෙවීම් දිවැවුම" (payment run) නම් පෙරසක්[5] ක්රියාත්මක වේ. මෙ මැ ගෙවීම් පසු වැ, ගෙවියැ-යුතු-ගිණුම් සුවික්සුගේ[6] හෝ සමාගම් පාලකගේ හෝ අභිමතය පරිදි නිදහස් කිරීමට හෝ රඳවා ගැනීමට හෝ හැකි.
මේ පදය ලැබියැ-යුතු-ගිණුම් සැබැඳියෙනුදු යෙදියැ හැකි. එහි දී එය ගිණුමකට අදිසිටුවමක් [7] කැරුමේ වුවමනාව නියෝජනය කරන ලියැවිල්ලක් වන අතර, එ මැ ලෙජරය තුළැ ගිණුම් අදිසිටුවන්නට වුවමනා විටයන්හි දී මහ ලෙජරය සඳහා ද ගත හැකි; එ වැනි විටකැ එය ජර්නල වැය පතක් සේ හැඳින්වේ.
ගණුදෙණුවේ අංක ගණිතමය නිවරදතාව තහවුරමින් ගිණුම් පොත්හි ඇතුළත් කැරැ ඇති සටහන් වලට සහාය දක්වන ඕනෑම ලේඛනමය දෙසක් වවුචරයක් ලෙස දු හැඳින්වියැ හැකි. අයපත (බිල්පත), ඉන්වොයිසිය, ලදුපත, පඩි? හා වැටුප් පතිත්ත[8], memorandum of association, ගෙවුම් පතිත්තේ උපපත [9], කුඹුපත් පොතේ[10] උපපත හෝ භාරකාර ඔප්පුව? / විශ්වසන ඔප්පුව? (trust deed) හෝ නිදසුන් වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.