![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b7/KaduGaGala.jpg/640px-KaduGaGala.jpg&w=640&q=50)
විජිතපුර
උතුරු මැද පළාතේ පිහිටි නගරය / From Wikipedia, the free encyclopedia
විජිත නගර හෝ විජිතගාම ලෙසින්ද හැඳින්වෙන, විජිතපුර (ඉංග්රීසි:Vijithapura ) යනු, පුරාතන ශ්රී ලංකාවේ පිහිටි බලකොටු–නගරයක් විය. මෙම රටෙහි පළමු පාලකයා ලෙසින් ලේඛතගතව ඇති විජය රජ, ඉන්දියාවේ සිට මෙහි සම්ප්රාප්ත වූ විට, ඔහු සමග අනුගාමිකයන් මහත් පිරිවරක් මෙහි ගෙන එන ලදි. රට පුරා පැතිර ගිය මෙම අනුගාමිකයෝ, ජනාවාස පිහිටුවා ගත්හ. ඔහුගේ එක් ප්රධාන අනුගාමිකයෙක් වූ විජිත විසින්, විජිත නගර හෝ විජිතගාම ලෙසින් හැඳින්වුනු ජනාවාසය පිහිටුවා ගන්නා ලදි.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b7/KaduGaGala.jpg/320px-KaduGaGala.jpg)