වින්සන්ට් වැන් ගෝ
From Wikipedia, the free encyclopedia
වින්සන්ට් විලෙම් වැන් ගෝ (1853 මාර්තු 30 – 1890 ජූලි 29) ලන්දේසි පසු උපස්ථිතිවාදී කලාකරුවෙකු විය. ඔහුගේ සිතුවම් හා ඇඳීම් ලෝකයේ සුප්‍රසිද්ධ ජනප්‍රිය හා වඩා වැඩි මිළෙන් යුත් ඒවා අතර වේ.
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
වැන් ගෝ ඔහුගේ මුල් වැඩිහිටි අවධිය කලා ගැණුම්කරුවන්ගේ සංගමයකට වැඩ කරමින් ගෙවන ලදී. ගුරුවරයෙකු ලෙස කුඩා වෘත්තිය ජීවිතයකින් පසු ඔහු ඉතා දිළිඳු පතල් ප්‍රදේශයක ධර්ම දූත සේවකයෙක් බවට පත් විය. ඔහු 1880 තෙක් කලාකරුවෙකු ලෙස ප්‍රසිද්ධ නොවීය. මුල් කාලයේ දී ගෆ් අඳුරු වර්ණ සමඟ පමණක් කටයුතු කළ අතර ඔහු එයින් මිදුණේ ප්‍රංශයේ දී උපස්ථිතිවාදය හා නව උපස්ථිතිවාදය සමඟ ගැටීමෙන් පසුය. ඉන්පසු ඔහු ඔවුන්ගේ වඩා ලා පැහැති වර්ණ හා ඇඳීම් රටා භාවිත කළ අතර එමඟින් ස්වාධීනව සැලකිල්ලට ගත හැකි ශෛලියක් බිහිකරන ලදී. එය ඔහු ප්‍රංශයේ ආලස් ප්‍රදේශයේ ගත කළ කාලය අතරතුර දී සම්පූර්ණයෙන්ම දියුණු විය.ඔහු ඔහුගේ ජීවිතයේ අවසාන වසර 10 තුළ දී නිර්මාණ 2000කට වඩා නිපදවූ අතර එයට සිත˛වම් 900ක් ඇඳීම් හා කටුසටහන් 1100ක් ඇතුළත් විය. ඔහුගේ වඩාත් ජනප්‍රිය නිර්මාණ බිහි වූයේ ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ දීය. එම කාලය තුළ දී ඔහු පෝල් ගවුගුයින් සමඟ වූ ඔහුගේ මිත්‍ර සබඳතාව බිඳ වැටීම හේතුවෙන් ඔහුගේ වම් කනෙහි කොටසක් කපා දමන ලදී. ඉන්පසු ඔහු නිරන්තරයෙන් මානසික රෝග වාරවලින් පෙලුණු අතර ඒ හේතුවෙන් සිය දිවි හානි කර ගන්නා ලදී.
වෑන් ගෆ්ගේ ජීවිතයේ ප්‍රධාන චරිතය වූයේ ඔහුගේ සහෝදරයා වූ තියෝය. ඔහු අඛණ්ඩව හා ආත්මාර්ථයෙන් තොරව වැන් ගෝ අවශ්‍ය වානිජමය සහාය සපයන ලදී. ඔවුන්ගේ ජීවිත කාලීන මිතුදම 1872 අගෝස්තු මස සිට ඔවුන් හුවමාරු කරගන්නා ලද ලියුම්වලින් තහවුරු වේ. ඔහු පසුකාලීනව ප්රකාශනවාදය ලෙස හඳුනාගැනුනු ශෛලියේ පුරෝගාමියකු විය. 20 වන සියවසේ කලාව මත ඔහු විසින් අතිශය බලපෑමක් එල්ල කළ අතර ෆවුස් හා ජර්මානු ප්‍රකාශනවාදීන් මත එල්ල කළ බලපෑම සුවිශේෂී වේ.