විලාසිතා
From Wikipedia, the free encyclopedia
විලාසිතා ලෙස හැඳින්වෙන්නේ ඔsනෑම සංස්කෘතියක් තුළ දෙන ලද කාලයකදී ප්‍රචලිතව පවතින ඇඳුම් පැළඳුම් ආකාරයන් වේ. (කෙසේ නමුත් විලාසිතා යන පදය ආහාර , සාහිත්‍ය, කලා , ගෘහ නිර්මාණ ශිල්ප සහ අනෙකුත් ක්ෂේත්රයන් ආශ්‍රීතව ද භාවිතා විය හැක.) කෙසේ නමුත් ඇඳුම් පැළඳුම් ආකාර ඉක්මණින් වෙනස් විය හැකි අතර සාමාන්‍ය භාවිතයේදී විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්රමවේදයයි. මෙම පදය හා බැඳුණු අභ්‍යන්තරික අදහස වන්නේ සමස්ත සංස්කෘතීන්ට සාපේක්ෂව එහි එක් එක් කොටස් වඩාත් සීඝ්රයෙන් විචලනයන්ට භාජනය වන බවයි.
විලාසිතාවට ගැළපෙන හෝ නොගැළපෙන ලෙස වර්ගීකරණය කිරීම මගින් යමක් අදාල පරිසරයට නැතහොත් වටපිටාවට ගැළපේද නොගැළපේද යන්න කියැවේ. තවද, විලාසිතා යන වදන බොහෝ විට ධනාත්මක අරුතක් ඇතිව භාවිතාවන අතර අලංකාර සහ මන්මත් කරවන සුළු වැනි අදහස් ගෙන දේ. මේ අයුරින් බලන විට විලාසිතාවන් සමාජීය කලාවක් ලෙස සැළකිය හැකි අතර කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සැලකිය හැක. කෙසේ නමුත් විලාසිතා යන වදන ඇතැම්විට ඍණාත්මක අර්ථයක් ඇතිව ද භාවිතා වේ. එහිදී අනවශ්‍ය ලෙස නොගැළපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් ඇතිව භාවිතා වේ. ලොව පුරා ඇති නගර සීමිත සංඛ්‍යාවක් ගෝලීය විලාසිතා මධ්‍යස්ථාන ලෙස නමක් දිනා ඇත. ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විලාසිතා නිර්මාණකරුවන් තම නවතම නිර්මාණයන් එළිදැක්වීම සඳහා පවත්වනු ලබන විලාසිතා සති ආකාර උත්සව හේතුවෙන් වේ. මෙම නගර වන්නේ නිව් යෝක් , මිලාන් , පැරිස් සහ ලන්ඩන් වේ. මේ හැරුණු විට ලොස් ඇන්ජලීස් , ටෝකියෝ , සාවෝපෝලෝ , සිඩ්නි සහ ඩුබායි යන නගරවල ද වාර්ෂිකව විලාසිතා සති සංවිධානය කරන අතර මෙම නගරයන්ද ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් පවතී.