From Wikipedia, the free encyclopedia
වෘක්කයේ රුධිර සැපයුම තුළ, වෘක්කයේ ඍජු ධමනිකා (හෙවත් වාසා රෙක්ටා රෙනිස්) යනු මජ්ජාවේ ඇති ඍජු රැධිර කේශනාළිකා ශ්රේණියකි (ලතින්: වාසා, "වාහිනී"; රෙක්ටා, "ඍජු"). මේවා හෙන්ලේ පුඩුවට සමාන්තරව දිවෙයි.
ජක්ස්ටමජ්ජා වෘක්කාණුවල (මෙම වෘක්කාණු මජ්ජාවට සමීපව පිහිටා ඇත) අපවාහී ධමනිකාවලින් පැනනගින මෙම වාහිනී මජ්ජාවට ඇතුළු වී හෙන්ලේ පුඩුව වටකොට පිහිටයි. මෙම ඍජු ධමනිකා පරිනාලාකාර කේශනාලිකා විශේෂයක් වන අතර, විශේෂයෙන්ම ඒවා හෙන්ලේ පුඩුව වටකොට පිහිටයි.[1]
පටකවිද්යාත්මක කදාවක, රුධිරය පැවතීම මගින් ඍජු ධමනිකා, හෙන්ලේ පුඩුවේ නාලිකාවලින් වෙන්කොට හඳුනාගත හැක.[2]
සෑම ඍජු ධමනිකාවක්ම මජ්ජාවේදී වැලමිටි ආකාර හැරීමකට ලක්වන අතර, එමගින් රුධිර ඉතා අඩු ශීඝ්රතාවකින් ගලායයි. ඉහත වැදගත් හේතූන් දෙකෙහි බලපෑම මගින් පිළිධාරා හුවමාරුව පවත්වාගැනීමට උපකාර වන අතර, එමගින් වෘක්ක මජ්ජාවේ ස්ථාපිත සාන්ද්රණ අනුක්රමණය ද පවත්වා ගැනේ.[3]
මෙම සාන්ද්රණ අනුක්රමණය පවත්වා ගැනීම වෘක්කයේ සාන්ද්ර මූත්ර නිපදවීමේ හැකියාව සඳහා දායක වන ප්රධාන යන්ත්රණයකි.
ඍජු ධමනිකාවල අවරෝහණ පෙදෙසේ දී, NaCl සහ යූරියා රුධිරයට ප්රතිශෝෂණය කර ගැනේ. එසේම ජලය රුධිරය තුළට ස්රාවය වේ. එහි ආරෝහණ පෙදෙසේ දී, NaCl සහ යූරියා අන්තරාලය වෙත ස්රාවය වන අතර, ජලය ප්රතිශෝෂණය සිදු වේ.
ටර්මිනොලොජියා ඇනටමිකා අනුව "vasa recta renis" යන වදන "arteriolae rectae renis"යන්න සඳහා විකල්ප නාමයක් වන අතර, වෙනත් වදනක් වන venulae rectae renis යන්න එහි ශිරාමය කොටස හැඳින්වීමට භාවිතා වේ.
කෙසේනමුත් සෙසු මූලාශ්රවල "vasa recta renis" යන්න එහි ධමනිකාමය මෙන්ම අනුශිරාමය පෙදෙස් සඳහා භාවිතකර ඇත.[4]
මෙහි "රෙනිස්" යන වදන නිතරම භාවිතා කරනු නොලැබුවත්, එම නාමයම ඇති වෙනත් වයූහ ද පවතී:
දෑකැති සෛල රෝගයේ දී රතුරුධිරාණු දෑකැති හැඩැති වීම නිසා ඍජු ධමනිකාවල සෙමෙන් සිදුවන රුධිර ගලනය හේතුවෙන්, අතිකැටිගැසීමේ තත්ත්වයක දී හෝ පටක හානියක දී ත්රොම්බෝසික තත්ත්වයන් ඇති විය හැක.[6] එමගින් ඇති වන ඉස්කේමියාව නිසා වෘක්ක පිටිකා විපන්යය ඇතිවිය හැක.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.