වෙරළාන්ත දේවාලය
ග්‍රැනයිට් ගල් කුට්ටිවලින් තැනූ ක්‍රි.ව. 8වන සියවසට අයත් දේවාලය; මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් වන මහාබ / From Wikipedia, the free encyclopedia
වෙරළාන්ත දේවාලය (නිර්මාණය ක්‍රි.ව. 700–728) එනම ලබා ඇත්තේ එය බෙංගාල බොක්කේ වෙරළ තීරයේ ඇතිවාක් මෙන් දිස්වන බැවිනි. ක්‍රි.ව. 8වන සියවසේ නිර්මාණය වූ මෙය ග්‍රැනයිට් කුට්ටි යොදාගෙන තැනූ දේවාලයකි. මෙය ගොඩනගා ඇත්තේ ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ චෙන්නායිවලට දකුණින් පිහිටි මහාබලිපුරම් ගම්මානයේ බෙංගාල බොක්ක දෙසට නෙරා ගිය උස්වූ තුඩුවක් මත ය. මෙය නිර්මාණය වූ අවධියේ, එනම් පල්ලව රාජවංශයේ IIවන නරසිංහවර්මන් රජ සමයේ මෙම ගම්මානය කාර්යබහුල තොටුපළක්ව පැවතිණි.[1] මහාබලිපුරම් ස්මාරක සමූහයට අයත් එක් ස්මාරකයක් වන මෙය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස වර්ගීකරණය කරන ලදී.[2] මෙය දකුණු ඉන්දියාවේ පිහිටි පැරණිතම ව්‍යූහමය ශෛලමය දේවාල අතුරින් (ගලෙහි-නෙළූ දේවාලවලට එදිරිව) එකක් ලෙස සැලකේ.[1]
Quick Facts වෙරළාන්ත දේවාලය, මූලික තොරතුරු ...
වෙරළාන්ත දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | මාමල්ලපුරම් හෙවත් මහාබලිපුරම්, කාංචිපුරම් දිස්ත්‍රික්කය |
අනුබැඳියාව | හින්දු ආගම |
ජනපදය | තමිල් නාඩු |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | ද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශිල්පය |
නිර්මාපක | නරසිංහවර්මන් II, පල්ලව රාජවංශය |
Close
Quick Facts වෙරළාන්ත දේවාලය, මහාබලිපුරම් ...
වෙරළාන්ත දේවාලය, මහාබලිපුරම් | |||||||
---|---|---|---|---|---|---|---|
මහාබලිපුරම්හි වෙරළාන්ත දේවාලය යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |||||||
|
Close