වෛරස් පිළිබඳ හැඳින්වීමක්
From Wikipedia, the free encyclopedia
වෛරස් යනු ස්ජීවි ධාරක් සෛල තුළ පමණක් ප්‍රජනනය සිදු කළ හැකි ජෛව කාරකයකි. වෛරසයකින් ආසාදනය වූ විට ධාරක සෛල තුළදී, එහි අනන්‍ය හා සර්වසම පිටපත් දහස් ගණනක්, අසාමාන්‍ය වූ වේගයකින් නිපදවීම සඳහා පෙළඹවනු ලැබේ. අනෙකුත් ජිවීන් මෙන් නොව, වෛරස් වලට බෙදීමට හැකි සෛල දක්නට නැත.නව වෛරස් ගොඩනැගෙන්නේ ආසාදිත ධාරක සෛල තුළයි.දැනට වෛරස් 2000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත.
| ||||||||||||
වෛරසයක කොටස් දෙකක් හෝ තුනක් අඩංගුයි. ජානමය කොටස DNA හෝ RNA ඉතා දිග අණු වලින් සෑදී ඇති අතර එමඟින් ප්‍රවේණික තොරතුරු රැගෙන යයි. දෙවැන්න ප්‍රෝටීන් ආවරණය; ජානමය කොටසට ආරක්ෂාව සපයයි. සමහර වෛරස් වල මේදයෙන් සෑදුනු ආවරණයක් ඇති අතර, ධාරක සෛලයක් තුළ අඩංගු නොවන අවස්ථා වලදී ඒවාට රැකවරණය සපයයි.වෛරස් වල හැඩය සරල හෙලික්සීය සහ ඉකොසහෙඩ්රල් ආකාරයේ සිට සංකීර්ණ ව්‍යුහ දක්වා වෙනස් වේ. වෛරස් බැක්ටීරියා වලට වඩා 100 වාරයක් ප්‍රමාණයෙන් කුඩාය.
වෛරස් විවිධ ක්‍රම වලට ව්‍යාප්ත වේ. ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ කෘමීන් මගින් හෝ වෙනත් වාහක ජීවීන් මගිනි. සමහර සත්ත්ව වෛරස් රුධිරය උරාබොන කෘමීන්ගෙන් ව්‍යාප්ත වේ. එක් එක් වෛරසය පැතිරෙන විශේෂ ක්‍රමයක් ඇත. Influenza වැනි වෛරස් වාතය මගින් පැතිරේ. කැස්ස හා කිවිසුම් යාම තුළින් වෛරසය වාතයට එකතු වේ. Norovirus වැනි වෙනත් එකක් සම්ප්‍රේශණය වන්නේ මුහුණ-මුඛය ආශ්රිත මාර්ගයකිනි. අපිරිසිදු අත්, ආහාර හා ජලය මගින් එය සිදුවේ. Rotavirus සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ආසාදිත ළමයින් හා සෘජු ස්පර්ශ වීමෙනි. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය, HIV, ලිංගාශ්‍රිත ක්‍රියා වලින් සම්ප්‍රේශණය වන ප්‍රධාන වෛරස් වලින් එකකි.වෛරස් වල සම්භවය අපැහැදිලිය. සමහර විට Plasmids/ප්ලාස්මිඩ වලින් සම්භවය වූවා විය හැක. ප්ලාස්මිඩ සෛල අතර ගමන් කළ හැකි DNA කොටස් වේ. අනෙක්වා බැක්ටීරියා වලින් පරිණාම වූවා විය හැක.
වෛරස් ආසාදන මගින් මිනිසාට සහ සතුන්ට රෝග බෝවේ. එසේ වූවත් ඒවා අවසන් කෙරෙන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගිනි. බොහෝ විට ධාරකයාට ජීවිත කාලය පුරා පවතින ප්‍රතිශක්තිකරණයක් වෛරසයට එරෙහිව ඇතිවේ. ප්‍රතිජීවක ඖෂධ වෛරස් කෙරෙහි වෛරස් කෙරෙහි බලපෑමක් නැත. එහෙත් ජීවිතයට අනතුරුදායක ආසාදන සඳහා ප්‍රතිවෛරස් ඖෂධ දැන් වැඩි දියුණු කර ඇත. දීර්ඝකාලින ප්‍රතිශක්තියක් ඇති කරන එන්නත් මගින් සමහර වෛරස් ආසාදනය වළක්වා ගත හැක.