ශක්ති බෝග
From Wikipedia, the free encyclopedia
ශක්ති බෝග ලෙස හැඳින්වෙනුයේ අඩු වියදමකින් සහ වැඩි රැක බලා ගැනීමකින් තොරව පහසුවෙන් වගා කොට ලබා ගන්නා අස්වැන්න ජෛව ඉන්ධන නිපදවීමට හෝ සෘජුව ශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට භාවිත කළ හැකි ආකාරයේ බෝග වර්ග වේ. ආර්ථික වශයෙන් වැදගත් වන ශක්ති බෝගයන් සාමාන්‍යයෙන් ඉතා අඩු ඉඩකඩක් තුළ වැඩි ප්‍රමාණයක් වගා කළ හැකි ඉහල අස්වැන්නක් ලබා දෙන බෝග විශේෂයන් වේ. දහනය මඟින් ශක්තිය ලබා ගන්නා කටයුතු සඳහා වගා කෙරෙනුයේ දැවමය බෝගයන් වන මිස්කැන්තස්, සැලික්ස් හෝ පොපියුලස් ආදී බෝග වර්ග වේ. යම් හෙයකින් ජීව වායුව නිපදවීම ආදී කටයුතු සඳහා කාබෝහයිඩ්රේට අවශ්‍ය වන්නේ නම් එවිට බඩ ඉරිඟු, මෙනේරි, සෑන්ඩ් ග්‍රාස්, වයිට් ස්වීට් ක්ලෝවර් ආදී බෝග ප්‍රභේද රාශියක් භාවිතා කළ හැක. එහිදී එම බෝග වර්ග ආශ්රයෙන් පැසවීම සිදු කොට ජීව වායුව නිපදවනු ලැබේ. [1] [2]
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
ජාන වැඩි දියුණු කිරීම සහ ජෛව තාක්ෂණික යෙදුම් ඔස්සේ අඩු වියදමකින් අඩු ජල ප්‍රමාණයක් භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබා දෙන පරිදි ශාක වැඩි දියුණු කිරීම සිදු කළ හැක. කෙසේ නමුත් දැනට පවතින රෝග භාවිතයෙන් පවා ඉහල ශක්ති ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කළ හැකි අතර උදාහරණයක් ලෙස බඩ ඉරිඟු පෙන්වා දිය හැක.