විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාව ආවේණික පක්ෂි විශේෂ 26කට සහ යෝජිත ආවේණික විශේෂ හතකට නිවහන වේ.[1] දිවයිනෙන් වාර්තාවන සම්පූර්ණ පක්ෂි විශේෂ සංඛ්‍යාව 492ක් වන අතර, ඉන් විශේස 219ක් අභිජනන නේවාසිකයින් වේ. BirdLife International ආයතනය විසින් ශ්‍රී ලංකාව ලෝකයේ ආවේණික පක්ෂි කලාප (EBA) අතුරින් එකක් ලෙස හඳුනාගෙන ඇත.[2] වසර ගණනාවක් තිස්සේ මෙරටට ආවේණික විශේෂ සංඛ්‍යාව බොහෝ වරක් සංශෝධනයට ලක්වී ඇත.[3] මෙය බොහෝදුරට "සමීප වර්ගීකරණ ප්‍රතිශෝධනයන්" නිසා සිදු විය. ආවේණික පක්ෂි විශේෂ සංඛ්‍යාව 20ක් අවමයේ සිට 47ක උපරිමයක් දක්වා වරින්වර උච්චාවචනය වී ඇත.[1] 1977 සිට මෙම අගය 21 අවට විචලනය විය. 1990දී නව විශේෂ දෙකක් එකතු කිරීමත් සමග එම අගය 23 තෙක් ඉහළ ගියේ ය. එතැන් සිට විවිධ අධිකාරීන් විසින් මෙම සංඛ්‍යාව අනුමත කොට ඇත.[3] 1994දී විජේසිංහ විසින් ප්‍රකාශයට පත්කළ A checklist of the birds of Sri Lanka තුළින් අමතර විශේෂ තුනක් ඇතුළත් කෙරිණි. නමුත් මෙම සංශෝධනය පුළුල් පිළිගැනීමකට ලක්නොවූයේ එහි තාර්කිකභාවය දැඩි වර්ගීකරණ පිළිවෙත සමග නොසැසඳීම හේතුවෙනි. නමුත් අනුතරුව ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ පක්ෂි සංහතිය පිළිබඳ වාර්තාවල මෙම පක්ෂීන් තිදෙනා ආවේණිකයන් ලෙස ඇතුළත් කොට නොමැත. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ඇතැම් කවයන් විසින් විජේසිංහගේ යෝජිත ආවේණිකයන් අනුමත කළ හැකි බව පවසා ඇත. මේ ඇතැම් විට රටේ ආවේණිකයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිවන සතුට හෝ වානිජමය පක්ෂීන් නැරඹීම කෙරෙහි වාසිදායක හෙයින් පිළිගන්නට ඇත.[3]
2001දී, වරකාගොඩ සහ රැස්මුසන් විසින් පඬුවන් කන්බස්සා Otus thilohofmanni නැමැති නව ආවේණික පක්ෂි විශේෂයක් සොයාගන්නා ලදී. 1868දී ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා (Myophonus blighi) හඳනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශී ලංකාවෙන් සොයාගැනුණු පළමු නව පක්ෂි විශේෂයයි.[4] විශේෂයන්ගේ මට්ටමේ වර්ගීකරණ ප්රතිශෝධන සඳහා ඇතැම් යෝජනා පවතියි. මෙය ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන්ගේ තත්ත්වය කෙරෙහි ද බලපානු ඇත.[1] රටේ උපසර්ගයක් වන "ශ්‍රී ලංකා" යන්න පොදු නම් තුළට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් ආවේණික විශේෂවල පමණක් සිදු කෙරේ. කෙසේනමුත්, කොටගම සහ පිරිස (2006), සිබ්ලි සහ මොන්රෝ (1990) විසින් විශේෂවල පොදු නම් සඳහා "Ceylon" යන්න භාවිතා කර තිබීම සම්බන්ධයෙන් එකඟ නොවේ. ඔවුන් යෝජනා කරන්නේ දිවයිනේ නිල ඉංග්‍රීසි නාමය සිලෝන් සිට ශ්‍රී ලංකා සිට වෙනස්වීම එයින් ද නිරූපණය විය යුතු බවයි.[3] සිබ්ලි සහ මොන්රෝගේ තර්කය වන්නේ "සිලෝන්" යන භූගෝල විදයාත්මක ඒකකය බවත්, "ශ්‍රී ලංකා" යනු එම දිවයින අයත් රාජ්‍යය බවත් ය. පක්ෂීන්ගේ ව්‍යාප්තිය සඳහා සාමාන්‍යයෙන් භූගෝලීය නාමය යොදා ගැනේ. උදාහරණයක් වශයෙන් මැඩගස්කර් යන්න එහි ජාතික නාමය වන මැලගසි ජනරජය වෙනුවට භාවිතා කිරීම දැක්විය හැක.[3]
වර්ෂය | විශේෂ සංඛ්‍යාව | ආශ්‍රේයය | සටහන |
---|---|---|---|
1872 | 37 | හෝල්ඩ්ස්වර්ත් – Catalogue of Birds found in Ceylon | |
1880 | 47 | ලෙග් – A history of birds of Ceylon | වර්තමාන ලැයිස්තුවේ වන විශේෂ 17ක් ඇතුළ්ත කළේ ය. |
1931 | 25 | වේට් – Manual of Birds of Ceylon | වතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි. |
1944 | 22 | විස්ට්ලර් – Avifaunal survey of Ceylon | |
1946 | 20 | රිප්ලි – Comments to Endemic Birds of Ceylon | අළු කෑඳැත්තා, රතු දෙමලිච්චා සහ වතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි. |
1952 | 21 | ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon | වතරතු මල්කොහා සහ ශ්‍රී ලංකා සැලළිහිණියා ඇතුළත් කෙරිණි. |
1975 | 20 | ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon | කළු ඉසැසි කොණ්ඩයා ඇතුළ්ත නොකෙරිණි. |
1977 | 21 | ෆ්ලෙමිං – Notes on endemic birds of Ceylon | රතු දෙමලිච්චා ඇතුළත් කොට ඇත. |
1978 | 21 | ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon | |
1990 | 23+1 | සිබ්ලි සහ මොන්රෝ – Distribution and Taxonomy of Birds of the World | රත්මූණත් කොට්ටෝරුවා ආවේණික යැයි යෝජනා කොට ඇත. |
1994 | 23+1 | කොටගම සහ ප්‍රනාන්දු – A field guide to the Birds of Sri Lanka | සිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි. |
1994 | 23+3 | විජේසිංහ – A checklist of the birds of Sri Lanka | විශේෂ 3ක් ආවේණික යැයි යෝජනා කොට ඇත. |
1996 | 23+3 | ඉන්ස්කිප් සහ පිරිස – An Annotated Checklist of the Birds of the Oriental Region | සිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි. විජේසිංහ ආශ්‍රේය වශයේන දක්වා ඇත. |
1998 | 23 | ග්රමට් සහ පිරිස – Birds of the Indian Subcontinent | |
1999 | 23 | හැරිසන් – A Field Guide to the Birds of Sri Lanka | |
2013 | 26 | කොටගම – A field guide to the Birds of Sri Lanka (revised) | රත්මූණත් කොට්ටෝරුවා, පොම්පදෝරු බටගොයා සහ කළු ඉසැසි කොණ්ඩයා ඇතුළත් කෙරිණි. |
ප්රභවය: කොටගම සහ පිරිස, 2013
වලංගු ලෙස ප්‍රකාශිත විශේෂ නිසැක ආවේණික විශේෂ ලෙස හැඳින්වේ.[1]
අඩු අවදානම් | තර්ජනයට ලක් වූ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
|
|
පොදු නාමය | ද්වීපද නාමය | කුලය | වාසස්ථාන, බහුලතාව, ව්‍යාප්තිය | තත්ත්වය |
---|---|---|---|---|
ගෝත්‍රය Galliformes | ||||
ශ්‍රී ලංනා හබන්-කුකුළා Sri Lanka spurfowl |
Galloperdix bicalcarata (ෆෝර්ස්ටර්, 1781) |
Phasianidae | තෙත් වනාන්තර. සුලබයි. උතුරු ප්‍රදේශයේ හැර සියලු කලාපවල හමුවේ.[5] | [6] |
ශ්‍රී ලංකා වලි කුකුළා Sri Lanka junglefowl |
Gallus lafayetii (ලෙසන්, 1831) |
Phasianidae | වනාන්තර, ලඳු කැළෑ. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ.[5] | [7] |
ගෝත්‍රය Columbiformes | ||||
ශ්‍රී ලංකා මයිල පරෙවියා (මයිලගොයා) Sri Lanka wood pigeon |
Columba torringtoni (බ්ලිත් සහ කෙලාර්ට්, 1853) |
Columbidae | වනාන්තර, ගෙවතු. සීමිත ව්‍යාප්තියකි. කඳුරට. ඵලදරන කාලසීමාවල දී පහතරට තෙත් කලාපයට විපැමිණේ.[8] | [9] |
ශ්‍රී ලංකා බටගොයා Sri Lanka green pigeon |
Treron pompadora | Columbidae | [10] | |
ගෝත්‍රය Psittaciformes | ||||
ශ්‍රී ලංකා ගිරාමලිත්තා Sri Lanka hanging parrot |
Loriculus beryllinus (ෆෝර්ස්ටර්, 1781) |
Psittacidae | වනාන්තර, ගෙවතු. සුලබයි. සියලු කලාපවල හමුවේ. තෙත් කලාපයේ වඩාත් සුලබ ය.[11] | [12] |
ශ්‍රී ලංකා අළු ගිරවා Layard's parakeet |
Psittacula calthrapae (බ්ලිත්, 1849) |
Psittacidae | වනාන්තර, ගෙවතු. සුලබයි. තෙත් කලාපය සහ වියළි කලාපයේ ගංගාශ්රිත වනාන්තර.[11] | [13] |
ගෝත්‍රය Cuculiformes | ||||
ශ්‍රී ලංකා වතරතු මල්කොහා Red-Faced Malkoha |
Phaenicophaeus pyrrhocephalus (පෙනන්ට්, 1769) |
Cuculidae | වනාන්තර. තෙත් කලාපයේ නොඳුල් වනාන්තර සහ වියළි කලාපයේ ගඟබඩ කැළෑවලට සීමා වී ඇත. සීමිත ව්‍යාප්තියකි. සියලු කලාපවල හමුවේ.[14] | [15] |
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා Green-billed Coucal |
Centropus chlororhynchos (බ්ලිත්, 1849) |
Cuculidae | නොඉඳුල් වනාන්තර. උණ සහ බට මණ්ඩිවල ගැවසේ. සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය සහ තෙත් කඳුගැට.[16] | [17] |
ගෝත්‍රය Strigiformes | ||||
ශ්‍රී ලංකා පඬුවන් කන්බස්සා Sri Lanka Serendib scops-owl |
Otus thilohoffmanni (වරකාගොඩ සහ රැස්මුසන්, 2004) |
Strigidae | සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය.[18] | [19] |
ශ්‍රී ලංකා පිටතඹල උපබස්සා Sri Lanka chestnut-backed owlet |
Glaucidium castanotum (බ්ලිත්, 1846) |
Strigidae | වනාන්තර, ලඳ කැළෑ, වගාබිම්. සීමිත ව්‍යාප්තියකි. තෙත් කලාපය සහ කඳු රට.[18] | [20] |
ගෝත්‍රය Bucerotiformes | ||||
ශ්‍රී ලංකා අළු කෑඳැත්තා Sri Lanka grey hornbill |
Ocyceros gingalensis (ෂෝව්, 1811) |
Bucerotidae | වනාන්තර, ගෙවතු. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ. වියළි කලාපයේ වඩාත් බහුල ය.[21] | [22] |
ගෝත්‍රය Piciformes | ||||
ශ්‍රී ලංකා රන්මූණත් කොට්ටෝරුවා Yellow-fronted Barbet |
Megalaima flavifrons (කූවියර්, 1816) |
Megalaimidae | වනාන්තර, ගෙවතු. ඉතා සුලබයි. කඳුරට වඩාත් සුලබයි.[21] | [23] |
රත් මූණත් කොට්ටෝරුවා Crimson-fronted barbet |
Megalaima rubricapillus | Megalaimidae | [24] | |
ගෝත්‍රය Passeriformes | ||||
උපගෝත්‍රය Passeri | ||||
ශ්‍රී ලංකා කැහිබෙල්ලා | Urocissa ornata (වැග්ලර්, 1829) |
Corvidae | නොඉඳුල් වනාන්තර. සීමිත ළුයාප්තිය. තෙත් කලාපය.[25] | [26] |
කළු ඉසැසි කොණ්ඩයා Black-capped bulbul |
Pycnonotus melanicterus | Pycnonotidae | [27] | |
ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා Sri Lanka yellow-eared bulbul |
Pycnonotus penicillatus බ්ලිත්, 1851 |
Pycnonotidae | වනාන්තර, වනාන්තර ආශ්රිත ගෙවතු, සුලබයි. කඳුරට.[28] | [29] |
ශ්‍රී ලංකා වනරැවියා Sri Lanka bush-warbler |
Bradypterus palliseri (බ්ලිත්, 1851) |
Sylviidae | වනාන්තර යටිවගාව. සීමිත ව්‍යාප්තියකි. කඳුරට.[30] | [31] |
ශ්‍රී ලංකා බොරග දෙමලිච්චා Sri Lanka brown-capped babbler |
Pellorneum fuscocapillus (බ්ලිත්, 1849) |
Timaliidae | වනාන්තර. ලඳු කැළෑ. බිම් මට්ටම. සුලබයි. සියලු කලාපවල හමුවේ.[32] | [33] |
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා Sri Lanka scimitar-babbler |
Pomatorhinus melanurus බ්ලිත්, 1847 |
Timaliidae | වනාන්තර යටිගොන්න. සුලබයි. සියලු කලාපවල හමුවේ.[32] | [34] |
ශ්‍රී ලංකා රතු දෙමලිච්චා Sri Lanka orange-billed babbler |
Turdoides rufescens (බ්ලිත්, 1847) |
Timaliidae | වනාන්තර. සුලබයි. තෙත් කලාපය. කඳුරටේ අඩු ය.[32] | [35] |
ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා Sri Lanka ashy-headed laughingthrush |
Garrulax cinereifrons බ්ලිත්, 1851 |
Timaliidae | වනාන්තර, ප්‍රධාන වශයෙන්ම යටි ගොන්නේ සහ බිම් ප්‍රදේශයේ. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි.[32] | [36] |
ශ්‍රී ලංකා සිතැසියා Sri Lanka white-eye |
Zosterops ceylonensis හෝල්ඩ්ස්වර්ත්, 1872 |
Zosteropidae | වනාන්තර, ගෙවතු, වගාබිම්වල. ඉතා සුලබයි. කඳුරට.[37] | [38] |
ශ්‍රී ලංකා සැලළිහිණියා Sri Lanka myna |
Gracula ptilogenys බ්ලිත්, 1846 |
Sturnidae | වනාන්තර. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි.[39] | [40] |
ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා Sri Lanka white-faced starling |
Sturnus albofrontatus (ලෙයාර්ඩ්, 1854) |
Sturnidae | වනාන්තර. සීමාවූ ව්‍යාප්තිය. තෙත් කලාපය. කඳුරට අඩුවෙන් පැතිරේ.[39] | [41] |
ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා Sri Lanka whistling-thrush |
Myophonus blighi (හෝල්ඩ්ස්වර්ත්, 1872) |
Turdidae | නොඉඳුල් කඳකර වනාන්තර, දිය පහරවල් අසල. සීමා වූ ව්‍යාප්තිය. කඳුරට.[42] | [43] |
ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා Sri Lanka Spot-winged Thrush |
Zoothera spiloptera (බ්ලිත්, 1847) |
Turdidae | තෙත් වනාන්තර යටිවගාය. සුලබයි. සියලු කලාපවල. තෙත් කලාපයේ වඩාත් සුලබයි.[42] | [44] |
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා Sri Lanka scaly thrush |
Zoothera imbricata ලෙයාර්ඩ්, 1854 |
Turdidae | වනාන්තර යටිවගාව. සුලබයි. කඳුරට සහ පහතරට තෙත් කලාපයේ ඇතැම් ස්ථානවලින් හමුවේ.[42] | [45] |
ශ්‍රී ලංකා නිලන-මැසිමාරා Sri Lanka dull-blue flycatcher |
Eumyias sordida (වොල්ඩන්, 1870) |
Muscicapidae | වනාන්තර, ගෙවතු, මනා වන වැස්මක් සහිත වදුලු. කඳුරට. පහතරට තෙත් කලාපයේ තෙත් ස්ථානවල ද හමුවේ.[46] | [47] |
ශ්‍රී ලංකා පිළලිච්චා Sri Lanka white-throated flowerpecker |
Dicaeum vincens (ස්කැල්ටර්, 1872) |
Dicaeidae | වනාන්තර. සුලබ ය. පහතරට තෙත් කලාපයේ සහ පහත කඳුරට ප්‍රදේශවල පැතිරේ.[37] | [48] |
ප්රභවය: කොටගම, 2013
රැස්මුසන් සහ ඇන්ඩර්ටන් (2005) විසින් විශේෂ භේදන ගණනාවක්ම යෝජනාකොට ඇත. මෙමගින් ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂ නිර්මාණය වන අතර, එම විශේෂ ඒවායේ වර්තමාන තක්සෝනය සමග පහත දක්වා ඇත.[1]
වර්තමාන විශේෂය | ද්වීපද නාමය | යෝජිත භේදනය | යෝජිත ද්වීපද නාමය | කුලය | ත්ත්තවය |
---|---|---|---|---|---|
ගෝත්‍රය Piciformes | |||||
ලේපිට මහ-කෑරලා Greater flameback |
Chrysocolaptes lucidus | රත්පිට මහ-කෑරලා Crimson-backed flameback |
Chrysocolaptes stricklandi | Picidae | [49] |
ගෝත්‍රය Passeriformes | |||||
උපගෝත්‍රය Passeri | |||||
පොදු වන-සැරටිත්තා Common woodshrike |
Tephrodornis pondicerianus | ශ්‍රී ලංකා වන-සැරටිත්තා Sri Lanka woodshrike |
Tephrodornis affinis | Prionopidae | [50] |
මහ කවුඩා Greater racket-tailed drongo |
Dicrurus paradiseus | ශ්‍රී ලංකා සිළු මහ කවුඩා Sri Lanka crested drongo |
Dicrurus lophorinus | Dicruridae | [51] |
නිතඹ රතු වැහිළිහිණියා Red-rumped swallow |
Hirundo daurica | ශ්‍රී ලංකා වැහිලිහිණියා Sri Lanka swallow |
Hirundo hyperythra | Hirundinidae | [52] |
ප්රභවය: කළුතොට සහ කොටගම, 2009
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.