ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුව
From Wikipedia, the free encyclopedia
[[File:https://pbs.twimg.com/profile_images/541867053351583744/rcxem8NU_400x400.jpeg මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍ය]]
බ්‍රිතාන්‍ය ලංකාවේ, ලංකාවේ සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුර දැරූවන් මෙහි දැක්වේ.1947 දී ලංකා අගමැති තනතුර ඇති කිරීමේ සිට මෙ දක්වා ශ්‍රී ලංකාවේ ( 1948 දක්වා ලංකා යටත්විජිතයේ අගමැති, 1972 දක්වා ලංකාවේ අගමැති නමිනුත් ) අග්‍රාමාත්‍යවරු 13 දෙනෙකු පත්වී ඇත. 1978 දක්වා ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ අග්‍රාමාත්‍යවරයායි.
1972 දී රට නිදහස් ස්වයිරී ස්වාධීන ජනරජයක් ලෙස හැදින්වූ අතර මෙතැන් සිට මෙම තනතුර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස හදුන්වන ලදී.වෙළද සහ රාජයය ආරක්ෂාව පිළිබද අමාතය ධූරයද 1977 දක්වා අග්‍රාමාත්‍යවරයා විසින් උසුලන ලදී. ජේ.ආර්.ජයවර්ධන බලයට පත්වීමත් සමග මෙම අමාතය ධූරය ආරක්ෂක අමාතය ධූරය සහ විදේශ කටයුතු අමාතය ධූරය ලෙස වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කරන ලදී.
1978 දී ජේ ආර් ජයවර්ධන අග්‍රාමාත්‍යවරයා විසින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන ලදී.මෙහිදී විධායක ජනාධිපති ධූරය හදුන්වා දුන් අතර අග්‍රාමාත්‍යවරයාට පවති බලතල අඩු විය.ඉන්පසුව රජයේ ප්‍රධානියා විධායක ජනාධිපතිවරයා වූ අතර අග්‍රාමාත්‍ය ධූරය සාමානය තනතුරක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ නව විවස්තාධායකය යටතේ අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අතර නියෝජය ජනාධිපති ධූරයද හොබවන ලදී.ජනාධිපතිවරයා තනතුරේ රැදී සිටියදී මිය ගියහොත් නව ජනාධිපතිවරයෙක් පත් කිරීම සදහා නැවත ජනමත විචාරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍යවරයා ජනපති ධූරයේ වගකීම හොබවනු ලබයි.1993 දී ජනාධිපති ව සිටි රණසිංහ ප්‍රේමදාස හදිසියේම ඝාතනය කල අතර ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරය සදහා පත් විය.
1947 න් පසුව නිල දැරූ අග්‍රමාත්‍ය වරු 14 දෙනාගෙන් දෙදෙනකු අවස්ථා තුනකදී නිල තල දරන ලද අතර දෙදෙනකු දෙවරක් නිල තල දරන ලදී.මින් අග්‍රාමාත්‍යවරු පස් දෙනෙකු ජනාධිපති ධූරය ලබා ගැනීම සදහා ඉදිරිපත් විය. 2015 ජනවාරි 9 සිට ශ්‍රී ලංකාවේ වර්ථමාන අග්‍රාමාත්‍ය ධූරය දරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසිනි.