ශ්රී ලංකාවේ උරගයින් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
උරගයින් යනු රෙප්ටිලියා වර්ගයට අයත් ටෙට්රපෝඩා සත්ත්වයින් වේ. මෙම වර්ගයට නූතන කැස්බෑවුන්, කිඹුලන්, සර්පයින්, ඇම්ෆිස්බේනියාවන්, කටුස්සන්, ටුවටාරාවන්, සහ වෙනත් නෂ්ට වූ ජීවි විශේෂ අයත් වේ. උරගයින් චතුර්පාදික පෘෂ්ඨවංශීන් වන අතර, ගාත්රා හතරක් පැවතිය හෝ නොපැවතිය හැක. සර්පයන්ගේ නම් ඔවුන් සම්භවය වූයේ ගාත්රා-සතරක් ඇති පූර්වජයන්ගෙනි. උභයජීවීන් මෙන් නොව, උරගයින් සතුව ජලජ කීට අවධියක් නොපවතියි. බොහෝ උරගයින් අණ්ඩජ වේ. ඇතැම් ස්කුවමාටාවන් ජලාබුජතාව පෙන්වයි.[1] එනම් එම විශේෂවල භ්රෑණය මව තුළ වර්ධනය වුව ද, අණ්ඩකවචයක් වෙනුවට එය කලලබන්ධයක් තුළ අන්තර්ගත වන බවයි. ඇම්නියෝටාවන් වන උරගයින්ගේ බිත්තර ආරක්ෂාව සහ පරිවහනය සඳහා පටලවලින් ආවරණය වී ඇති අතර, මෙය වියළි පරිසරයේ ද ප්රජනනය සඳහා දක්වන අනුවර්තනයකි.