ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
National symbols of Sri Lanka / From Wikipedia, the free encyclopedia
ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය ප්‍රකාශ කරන විවිධ වස්තු, ලාංඡන, සංකේත, ගීත හා කොඩි භාවිතා වේ. මේවා අතරින් සුවිශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය නිර්මාණය කිරීමේ දී ආගම, එම දේශය ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත් සිදුවීමක් හා සැබැඳි සත්ත්ව වර්ග හා ශාක වර්ග සහ දේශයේ වසන විවිධ ජන වර්ග ආදී බොහෝ දෑ සැලකිල්ලට ගනු ලැබේ.