ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින්

From Wikipedia, the free encyclopedia

Remove ads

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ප්‍රධාන වශයෙන් ඩීසල් එන්ජින් සහ බලවේග කට්ටල දුම්රිය සඳහා භාවිත වේ. වාශ්ප එන්ජින් වයිස්රෝයි ස්පෙශල් වැනි විශේෂ දුම්රියන් වලදී හැර ධාවනය නොවේ.

ඉතිහාසය

මුල්ම වාශ්ප එන්ජිම 1864 දි හඳුන්වා දෙන ලදි. මෙතැන් පටන් තවත් බොහෝ වාශ්ප එන්ජින් ශ්‍රී ලංකාවේ දුම් රිය සේවට එක් කරන ලදි. එකල දුම්රිය සේවය හැඳින්වී තිබින්නේ සිලෝන් ගවන්මන්ට් රේල්වේ නමිනි. ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාවේ වාශ්ප එන්ජින් 410ක් පමණ ධාවනය වී ඇත.

මුල්ම ඩීසල් එන්ජිම 1950 දී ආනයනය කරන ලදි. මෙය එංගලන්තයේ බ්‍රශ් ට්‍රැක්ශන් සමාගමේ නිපැයුමකි. මින් පසුව ජපානය, ප්‍රංශය, ඉන්දියාව, ජර්මනිය ආදි රටවල් වලින්ද ඩීසල් එන්ජින් ලබා ගෙන ඇත.

විදුලි දුම් රිය ධාවනය කිරීමට සැලසුම් ඇතත්, දැනට ධාවනයේ නොමැත

Remove ads

වාශ්ප එන්ජින් [1]

Thumb
B9 පන්තියේ සංරක්ෂණය කර ඇති එන්ජිමක්. මෙය කොටුව දුම්රිය ස්ථානයේ පිටුපසදී දැකිය හැක

වාශ්ප එන්ජින් 1950 පමණ වන තුරු සාමාන්‍ය ධාවනයේ තිබුණි. දුම්රිය ඉතිහාසය පුරාවටම වාශ්ප එන්ජින් 410ක් තිබී ඇති බව සඳහන් වේ. ලියෝපෝල්ඩ් නැමැති ප්‍රථම වාශ්ප එන්ජිම 1864 දි ආනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ ධාවනය කරන ලද වාශ්ප එන්ජින් වලින් බහුතරයක් එංගලන්තයෙන් ගෙන්වා ඇත. මීට අමතරව මරදානේ දුම්රිය වැඩපොලේ වාශ්ප එන්ජින් 3ක් නිපදවා ඇත. 1950 දශකය වන විට ක්‍රමයෙන් ඩීසල් එන්ජින් හඳුන්වා දීමත් සමගම වාශ්ප එන්ජින් ද ධාවනයෙන් ඉවත් කර තිබේ. මෙසේ ඉවත් කෙරුණු ඇතැම් එන්ජින් සුරක්ශිත මට්ටමේ ඇතත්, බොහෝ ඒවා දිරා ගොස් තිබේ.

දැනට ධාවන මට්ටමේ ඇති වාශ්ප එන්ජින් අතරින් වයිස්රෝය් ස්පෙශල් නම් විශේෂ දුම්රිය ධාවනය කරනු ලබන සර් තෝමස් මේට්ලන්ඩ් නමැති එන්ජිම විශේෂ තැනක් ගනී.

වාශ්ප එන්ජින් සඳහා අංක යෙදිමේදි 1 සිට 161 දක්වා අංක යොදා ඇත. මේ සඳහා ධාවන පන්ති යෙදීමේදි ඉංග්‍රිසි ඒ(A) අක්ශරයේ සිට එල්(L) අක්ශරය දක්වා වූ වර්ගීකරණ ක්‍රමයක් භාවිත කර ඇත. ඒ අනුව වාශ්ප එන්ජින් පන්ති මෙසේය.

  • පළල් දුම්රිය මාර්ගවල ධාවනය වූ එන්ජින් - A1, A2, A3, B1, B2, B3, B4, B5, B6, B7, B8, B9, B10, C1, D1, D2, D3, E1, F1, F2, F3
  • පටු දුම්රිය මාර්ගවල ධාවනය වූ එන්ජින් - H1, J1, J2, K1, L1
  • පළල් දුම්රිය මාර්ගවල ධාවනය වූ රේල් කාර් - R1, R2, R3, R4
  • පටු දුම්රිය මාර්ගවල ධාවනය වූ රේල් කාර් - V1, V2
Remove ads

ඩීසල් එන්ජින්

ඩීසල් එන්ජින් පහත ධාවන පන්ති යටතේ වර්ගීකරණය කර ඇත. සෑම එන්ජිම කම එහි ඉදිරිපස මුහුණතේ එහි ධාවන පන්තිය සහ එන්ජිමේ අංකය සටහන් කර ඇත.

  • Class M - ඩීසල් විදුලි වර්ගයේ එන්ජින්
  • Class W - ඩීසල් ජලකර (හයිඩ්‍රොලික්) වර්ගය
  • Class S - ඩීසල් බහුවිධ ඒකක (පවර් සෙට් ලෙස පොදුවේ හැඳින්වේ)
  • Class T - ඩීසල් රේල් කාර්
  • Class N සහ Class P - පටු දුම් රිය මාර්ගවල ධාවනය වූ එන්ජින්
  • Class G සහ Class Y - ෂන්ටර් එන්ජින්

Class M [2]

ශ්‍රී ලංකාවේ ධාවනය වන ඩීසල් විදුලි (එනම් ඩීසල් දහනය මගින් ලැබෙන බලය විද්‍යුත් ශක්තිය බවට හරවා එන්ජිමේ රෝද වල ඇති මෝටර් වලට ලබා දීමෙන් ධාවන බලය සැපයීම) පන්තිය යටතේ වර්ගීකරණයකෙරේ. දැනට මෙම පන්තියේ එන්ජින් වර්ග 10ක් ඇත.

Class M1 (539–563)

එංගලන්තයේ බ්‍රශ් ට්‍රැක්ශන් සමාගමේ නිපැයුමකි. මෙය ශ්‍රී ලංකාවේ ධාවනය වූ මුල්ම ඩීසල් එන්ජිමයි. එන්ජින් 25ක් (539-563) 1953 දී ආනයනය කරන ලදි. අශ්ව බල 1000ක් බලැති මෙම එන්ජින් එකල බොහෝ මගී දුම් රිය සඳහා යොදා ගන්නා ලදි. දෝශ හේතුවෙන් ධාවනයෙන් ඉවත් කිරීමෙන් පසුව බොහෝ එන්ජින් පරණ යකඩ වලට කපා විකුණන ලදි. ඉතුරු වූ ඒවා රත්මලානේ දුම් රිය අංගනවලදි දිරා යෑමට හරින ලදි. කෙසේ නමුත් අංක 560 දරණ එන්ජිම පමණක් ඉතිරිව ඇත. මෙයද ධාවනය වන තත්වයක නැත.

Class M2 (569–573, 591–595, 626–629)

කැනඩාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසින් නිශ්පාදනය කර ලද මෙම එන්ජින් ශ්‍රී ලංකාවේ ධාවනය වූ සාර්ථකම එන්ජින් යන්ත්‍ර අතරින් එකකි. 1954 සිට විවිධ කාල වලදි එන්ජින් 14ක් ගෙනෙන ලදි. මේවා යනුවෙන් තවත් M2A, M2B, M2C, M2D උප පන්ති කිහිපයකට බෙදා ඇත. මෙහි 571 එන්ජිම ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව විනාශ වුණු අතර 591 එන්ජිම සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ දුම් රියෙ හි තිබුණු එන්ජිමයි. මෙය දැන් ධාවනයේ ඇත. සියලුම එන්ජින් පාහේ ධාවනය වේ.

Class M3 (589-590)

ඉවත් කරන ලද වර්ගයේ දුම් රිය වල එන්ජින් 2ක් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ දි නිශ්පාදනය කරන ලදි. ඉවත් කර ඇත.

Class M4 (743–756)

කැනඩාවේ මොන්ට්‍රියල් ලොකොමොටිව් වර්ක්ස් සමාගමේ නිශ්පාදිතයකි. 1975 දි එන්ජින් 14ක් ගෙනෙන ලදි. මෙම එන්ජින් 14 ශ්‍රී ලංකාවේ විශේශිත ස්ථාන නාම ඇසුරෙන් නම් කර ඇත. සියලුම එන්ජින් ධාවන තත්වයේ ඇත.

Class M5

ජපානයේ හිටාචි සමාගමෙන් 1979 දි ආනයනය කර ඇත. අශ්ව බල 1600කින් යුතු මෙම එන්ජින් බොහෝ විට ධාවනය කර ඇත්තේ උඩරට මාර්ග යේ ය. නමුත් පසුකාලිනව දෝෂ සහගත තත්ව හේතුවෙන් ඉවත් කර පසුව ශ්‍රී ලංකාවේ දිම වෙනත් කොටස් ඇසුරෙන් නිපදවා ඇත. අලුතෙන් මෙසේ නිර්මාණය කරන ලද එන්ජින් උප පන්ති M5A, M5B, M5C යනුවෙන් බෙදා තිබේ. මේවාද වැඩි වශයෙන් උඩරට මාර්ගයෙහි ධාවනය වෙයි.

Class M6 (783–798)

තවත් සාර්ථක එන්ජිමකි. බොහෝ විට උඩරට මාරගයෙහි භාවිත කරනු ලබයි. මෙයද 1979 දි ජර්මනියෙන් ආනයනය කරන ලදි. එන්ජින් සංඛ්‍යාව 16කි. මේවායේද 793 සහ 798 එන්ජින් ත්‍රස්තවාදි ප්‍රහාර වලින් විනාශ වී ඇත. ඉතිරි ඒවා සාර්‍ථකව ධාවනය වෙනු පෙනේ.

Class M7 (799–814)

එංගලන්තයේ බ්‍රශ් ට්‍රැක්ශන් සමාගමෙන් නිශ්පාදනය කරන ලද මෙය දැනට ලංකාවේ ඇති අවම අශ්ව බලයකින් සහ කුඩාම දිගකින් යුතු එන්ජිම වේ. අශ්ව බල 1000ක් වන මෙය දැනට කුඩා දුම් රිය වල සහ වැඩි වශයෙන් මාතලේ මාර්ගයෙහි ධාවනය වනු දැකිය හැක. එන්ජින් සංඛ්‍යාව 16කි. මෙහි එක් එන්ජිමක් රඹුක්කන සිදුවූ දුම්රිය අනතුරකින් විනාශයට පත්විය.

Class M8 (841-848)

ශ්‍රී ලංකාවේ ධාවනය වන වැඩිම අශ්ව බලයකින් යුතු එන්ජිමයි. මෙහි බලය අශ්ව බල 2800 කි. ඉන්දියාවේ ඩීසල් ලොකොමොටිව් වර්ක්ස් සමාගමේ WDM-2 යන එන්ජින් වර්ගයයි. මෙය අධික බලයක් අවශ්‍ය වන දුම් රියන් සඳහා යොදා ගැනේ. නමුත් උඩරට මාර්ගයේ ධාවනය නොකරයි. 1996 දි ගෙනෙන ලදි. 2001 දි තවත් එන්ජින් 2ක් උඩරට මාර්ගයට උචිත අයුරින් සකසා ගෙනාවද ඒවදා එම මාර්ගයේ අසාර්ථක වී ඇත. මෙම එන්ජින් M8A උප පන්තිය ට යොදා ඇත. සියලුම එන්ජින් පාහේ ධාවනය වෙයි.

Class M9 (864–873)

ප්‍රංශයේ ඇල්ස්ටම් සමාගමෙන් නිපදවන ලද මෙම එන්ජින් 2000දි ආනයනය කරන ලදි. නවීන පන්නයේ පරිගණකගත පහසුකම් සහිත එන්ජිමකි. එන්ජින් 10ක් ගෙනෙන ලදි. නමුත් මේවා ශ්‍රී ලංකාවේ දුම් රිය පද්ධතියට නොගැලපීම, පරිගණක පද්ධතියේ දෝශ ආදිය හේතුවෙන් කෙටි කාලයකින්ම ඉවත් කිරීමට සිදුවිය. පසුව කෙසේ හෝ අලුත් වැඩියා කරන ලද එන්ජින් කිහිපයක් පමණක් ධාවනය වෙයි.

Class M10

දුම්රිය සේවයට අලුතෙන එක්වූ එන්ජින් වර්ගයයි. මෙය M8 එන්ජිම නිපදවූ සමාගමේම නව නිශ්පාදනයකි. 2012 සිට ආනයනය කර ඇත. මෙයද නවීන අංගෝපාංග ඇතුලත් එන්ජිමකි. වැඩි වශයෙන් උතුරු දුම් රිය මාර්ගයේ යාල් දේවි දුම් රිය ඇතුලුව ධාවනය කරනු ලබයි. [3]

Class M11

මෙහි පළමු එන්ජිම 2018 දෙසැම්බර් මස දී ඉන්දියාවෙන් ගෙන්වන ලදී. එහි සාර්ථකත්වය මත ඉදිරියේදී තවත් එන්ජින් 10ක් ආනයනය කරනු ඇත. ඉන්දියාවේ වරනාසි වල නිෂ්පාදනය කෙරිණි.

Class M එන්ජින් වල පින්තූර

Class S[4]

මෙම පන්තිය යටතේ වර්ගීකරණය කෙරෙන්නේ පවර් සෙට් ලෙස පොදුවේ හැඳින්වෙන දුම්රිය වර්ගයයි. මේවායෙහි ඇති විශේෂත්වය වන්නේ එන්ජිම සහ මගී මැදිරි සියල්ලම එකම දුම් රියක් සේ සාදා තිබීමයි. මේවායෙහි ඇතැම් විට දෙපසම එන්ජින් තිබෙන අතර ඇතැම් ඒවායෙහි එක් පසක එන්ජිමක් සහ අනික් පසෙහි එන්ජිම පාලනය කර හැකි රියදුරු කුටියක් පමණක් පවතී. මේවා පහත පරිදි පන්ති වලට බෙදා ඇත.

Class S1

1938 දි එංගලන්තයේ එන්ග්ලිශ් ඉලෙක්ට්‍රික් සමාගෙන් දුම් රිය 3ක්(501-503) ගෙනෙන ලදි. වසර 20ක පමණ සේවයෙන් පසු ඉවත් කරන ලදි.උපරිම වේගය 88kmph වේ.එන්ජින් ධාරිතාව 180hp-1350rpm වේ.

Class S2

ස්විස්ටර්ලන්තයෙන් එන්ජිම පමණක් ගෙනෙන ලදුව ඉතිරි මගී මැදිරි ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කර ඇත. එන්ජින් 4ක් ගෙනෙන ලදි. ශ්‍රී ලංකාවේ සියලුම මාර්ග වල ධාවනය කර ඇත. දැනට භාවිතයේ නැත.

Class S3

බලවේග කට්ටලය 1959 වර්ෂයේදී වර්ෂයේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දේ ජර්මනියේ man diesel සමාගම විසිනි.මෙම වර්ගයේ බලවේග කට්ටල 25(597-620) ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත .එන්ජින් ධාරිතාව 880hp

Class S4

මෙම වර්ගයේ බලවේග කට්ටල 5ක්(621-625) ජර්මනියේ man diesel සමාගමෙන් 1962 වසරේදී ආනයනය කරන ලදී. උපරිම වේගය 80kmph වේ.එන්ජින් ධාරිතාව1100hp-1500rpm වේ.

Class S5

විශේෂ දුම් රිය ගමන් සඳහා ජපානයේ හිටාචි සමාගමෙන් දුම්රිය 4ක් (717-720) ආනයනය කරන ලදි. මේවා නවීන පහසුකම් ඇතුලත් දුම් රිය වර්ගයකි. දෙපසෙහිම එන්ජින් ඇත. මේ නිසා මේවාට උඩරට මාර්ගයේ පවා ධාවනය කල හැකිය. මෙහි එක් දුම්රියක එන්ජිමක් අනතුරකින් විනාශ වී ඇත. ඉතිරි දුම්රිය ධාවනය කල හැකි මට්ටමේ තිබේ.උපරිම වේගය 80kmph ය. එන්ජින් ධාරිතාව 900hp-1500rpm ය.

Class S6

හිටාචි සමාගමේ නිශ්පාදිතයකි. 1974, 1977 දි ආනයනය කර ඇත.(733-742).එන්ජිම රහිත එළැවුම් මැදිරිය සහ මගී මැදිරි ශ්‍රී ලංකාවේදී නිපදවා ඇත. මේවා විශේෂයෙන් ධාවනය කර ඇත්තේ අවිස්සාවේල්ල දක්වා වූ දුම් රිය මගෙහිය. ඇක්සල සැකසුම B-B අතීතයේ කාර්යාල දුම්රිය සඳහා යොදවා ඇත. දැනට එක කට්ටලයක් හෝ ධාවනයේ නැත.

Class S7

මේ බලවේග කට්ටලය 1977 වර්ෂයේදී hithachi සමාගමෙන් ආනයනය කරන මෙම වර්ගයේ බලවේග කට්ටල 10(‍757-766) ශ්රී ලංකාවට ආනයනය කරන ලදී.මෙම බලවේග කට්ටල වල එන්ජිම රහිත එළැවුම් මැදිරිය සහ දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවේ දී නිපදවා ඇත. ඇක්සල සැකසුම B-B වන අතර එන්ජින් ධාරිතාව 1020hp හා 2100rpm වේ.

Class S8

ශ්‍රී ලංකාවේ ධාවනය වන සාර්ථකම දුම්රියක් ලෙස හැඳින්වේ. 1991 දී ආනයනය කර ඇත. මෙය ජපානයේ හා දකුණු කොරියාවේ තාක්ෂණයෙන් නිපදවුණි. අධික ත්වරණ බලයක් ඇති මෙම දුම්රියන් බොහෝ විට මගී ඉල්ලුම වැඩි දුම්රියන් සඳහා යොදාගැනේ. විශේෂයෙන්ම අවිස්සාවේල්ල මාර්ගයෙහි යොදවා ඇත. ඇතැම් මැදිරි කොටස් අනතුරු වලින් විනාශ වී ඇතත් ඉතිරි සියල්ල ඉතාමත් හොඳ ධාවන තත්වයේ ඇත.

Class S9

2000 දි චීනයෙන් Sifang rolling stock ආයතනය මගින් නිපදවා බලවේග කට්ටල 15ක් (849-863) ආනයනය කර ඇත. මේවාද කෙටි දුර ධාවනය වන මන්දගාමි දුම්රියන් සඳහා යොදා ගැනේ. දුරගමන් කාර්යාල සේවා සඳහා බහුලව යොදා ගැනේ. උපරිම වේගය පැ.කි.මී. 100කි. මැදිරියක් අඩි 65ක දිගකින් යුක්තය.

Class S10

චීනයේ Sifang rolling stock ආයතනය මගින් නිපදවා 2008 දි ගෙනෙන ලද සාර්‍ථක දුම්රියක් ලෙස හැඳින්විය හැක. දැනට කාර්යාල දුම්රියන් බොහෝමයක් සඳහා යොදාගැනෙන්නේ මෙම දුම්රියන් ය. මැදිරි ගණන 10කි. එක් මගී මැදිරියක මගීන් 200කට ගමන් කල හැක. බලවේග කට්ටල ගණන 15කි.(879-893). උපරිම වේගය පැ.කි.මී. 100කි. මැදිරියක් අඩි 65ක දිගකින් යුක්තය. දිගු දුර මන්දගාමී හා කාර්‍යාල දුම්රිය සේවා සඳහා බහුලව යොදා ගැනෙනු දක්නට ලැබේ.

Class S11

2011 වර්ශයේදි ඉන්දියාවෙන් මේවා 20ක් ගෙනෙන ලදි. මේවායෙහි තුන්වන පන්ති සමග දෙවන පන්තියේ මැදිරි ද තිබීම විශේෂත්වයකි. මන්දාගාමි දුම්රියන් හැරුණු කොට උතුරු සහ මුහුදු බඩ මාර්ගයෙහි සීඝ්‍රගාමි දුම්රිය සඳහාද යොදනු ලැබේ. අලව්වේදි සහ පොතුහැරදි සිදුවූ අනතුරු වලින් මේවායෙහි මැදිරි 2ක් පමණ විනාශයට පත්ව ඇත.

Class S12[5]

දැනට භාවිතයේ ඇති නවතම එස් පන්තියේ දුම්රියන් වේ. සුඛෝපභෝගි දුම් රිය 2ක්, සාමාන්‍ය දුම්රියන් 7ක් සහ අවිස්සාවේල්ල මාර්ගය විශේෂයෙන් සැකසූ මේවා 4ක් ආනයනය කර ඇත. දැනට උඩරට මැණිකේ ඇතුලු දුම්රියන් බොහෝමයක සඳහා සාර්ථකව ධාවනය වෙයි. පෙනුමින් එස් 10 දුම්රියන් වලට බෙහෙවින් සමානය.

Class S13

මෙහි පළමු කට්ටලය 2018 දෙසැම්බර් මස දී ඉන්දියාවෙන් ගෙන්වන ලදී. එහි සාර්ථකත්වය මත ඉදිරියේදී තවත් කට්ටල 5ක් ආනයනය කරනු ඇත.

Class S14

මෙහි පළමු කට්ටලය 2019 වස‌‌ර දී චීනයෙන් ‌‌ගෙන්වන ලදී. ‌‌දැනට කට්ටල 4ක් ආනයනය කර ඇත.

Class S14A

කසල රැගෙන යාම සදහා ‌‌ගෙන්වන ලදී.නමුත් මෙම එන්ජින් වර්තමානයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුය.



Class S එන්ජින් වල පින්තූර

Class W [6]

මෙම පන්තිය යටතට ගැනෙන්නේ ඩීසල් ජලකර (හයිඩ්‍රොලික්) වර්ගයේ එන්ජින් ය. මෙම එන්ජින් වල එන්ජිමෙන් නිපදවෙන ශක්තිය ද්‍රවශක්ති උපක්‍රමයක් මගින් රෝද වලට සම්ප්‍රේෂණය කරනු ලබයි. මෙම පන්තියේ එන්ජින් වර්ග තුනකි.

Class W1

ජර්මනියෙන් 1968 දි ගෙන්වන ලදි. එන්ජින් 45කි. බොහෝ කාලයක් සියලුම දුම් රිය මාර්ග වල ධාවනය කර ඇත. අනතුරු, දෝශ ආදිය හේතුවෙන් සියලුම එන්ජින් ඉවත් කිරීමට සිදුවී ඇත. එන්ජින් 2ක් පමණ නැවතත් මෑතකදි නව කොටස් යොදා අලුත් වැඩියා කලද මේවාද දැන් ධාවනයේ නැත.

Class W2

1970 දි එන්ජින් 15ක් ගෙනෙන ලදි. අශ්ව බල 1500 ක් වන මෙම එන්ජින් බොහෝ කලක් ගත වන තුරු සේවයේ යොදවා දැන් ඉවත් කර ඇත.

Class W3

1997 දි ශ්‍රී ලංකා දුම්රිය සේවය හා අඩ්ට්‍රාන්ස් සමාගම දිරාපත් වෙමින් තිබුණු W1 එන්ජින් 10ක් තෝරාගෙන මේවා සියල්ල සම්පූර්ණයෙන්ම නව කොටස් යොදා අලුත් වැඩියා කලහ. මෙසේ අලුතෙන් අලුත්වැඩියා කෙරුනු එන්ජින් 10, W3 පන්තිය ට ඇතුලත් කරන ලදි. මේවාද වැඩි වශයෙන් උඩරට මාර්ගයේ ධාවනය වනු දැකිය හැකිය.

Class W එන්ජින් වල පින්තූර

කැළ්ණිවැලි මාර්ගයේ ධාවනය වූ ඩීසල් එන්ජින්

මෙම පන්තියට ගැනෙන්නේ ශ්‍රී ලංකාවේ පටු දුම්රිය මාර්ගවල ධාවනය වූ එන්ජින් ය. කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා වූ පටු දුම් රිය මග පුලුල් කිරීමෙන් පසු මෙම එන්ජින් භාවිතයෙන් ඉවත් කර ඇත. N1,N2 සහ P1 යනුවෙන් පන්ති 3ක ඩීසල් එන්ජින් තිබී ඇත. එක් P1 එන්ජිමක් මෑතක් වන තුරුත් විහාරමහාදේවි උද්‍යානයේ තිබුණු අතර, මේ වන විට එය ද අයින් කර තිබේ. එක් P1 එන්ජිමක් ධාවනය වන තත්වයක ඇති අතර දැයට කිරුළ ප්‍රදර්ශන වලදි කුඩා දුම්රිය මාර්ග වල මේවා ධාවනය වනු දක්නට ලැබිණි.

Class N1

1953දී ජර්මනියේ krupp සමාගමෙන් එන්ජින් 5ක්(564-568) ගෙන්වන ලදී. එන්ජ්ජින් ධාරිතාව 492hp-500rpm වේ.උපරිිම වේගය 56 kmph ය.මෙම දුම්රිය එන්ජිම පණගැන්වීමට බැටරි හෝ ස්ටාටර් මෝටර් භාවිත නොකිරීම විශේෂත්වයකි. ඒ සඳහා යොදාහන්නේ අධිපීඩන වායු සිලින්ඩර දෙකකි. එහි ඇති වාතය දුම්රිය එන්ජිමෙහි ඇති සිලින්ඩර මතට යොමු කිරීමෙන් එන්ජිම කරකවා පණගන්වනු ලබයි. මෙම දුම්රිය එන්ජිමෙහි ඇක්සල සැකසුම 1-C-1 වන අතර බර ටොන් 41.5කි.

Class N2

1973දී ජපානයේ Kawasaki සමාගමෙන් මෙරටට එන්්ජින් 3ක්(730-732) ආනයනය කරන ලද්දේ කොස්ගම සාලාාව තුුනී ලෑලි කම්හල වෙත දෑල දුම්රිය ස්ථානය සිිිිට කොස්ගම වෙත දැව ප්‍රවාහනය කිරීමට ය. එන්ජින් ධාරිතාව 600hp-1500rpm වේ.උපරිම වේගය 56 kmph ය. මෙහි ඇක්සල සැකසුම B-B වන අතර බර ටොන් 40ක් වේ. 732 එන්ජිම කඩුගන්නාව දුම්‍රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

Class P1

මෙම දුම්රිය එන්ජින් කාණ්ඩය 1950 වසරේදී එංගලන්‍තයේ හන්ස්ලට් සමාගමෙන් ආනයනය කෙරිණි. ආනයනය කෙරුණු එන්ජින් ගණන 4කි (527-530). කැලණිවැලි දුම්රිය මාර්ගයේ අංගනවල ෂන්ටින් කටයුතු සඳහා යොදා ගැණිනි. . එන්ජ්ජින් ධාරිතාව 130hp 1000rpm වේ.උපරිිම වේගය 40 kmph ය.මෙම දුම්රිය එන්ජිමෙහි ඇක්සල සැකසුම 0-C-0 වන අතර බර ටොන් 20කි. 527 එන්ජිම කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත




Class G, Class Y

මෙම පන්තියට ට ගැනෙන්නේ ශන්ටර් එන්ජින් නමින් හැඳින්වෙන එන්ජින් වර්ගයයි. ශන්ටර් එන්ජින් යනු දුම්රියන් සඳහා බොහෝ විට යොදා නොගැනෙන, එහෙත් දුම්රිය අංගනවලදි බඩු එහා මෙහා ගෙන යාමට, සහ දුම් රියන් එකලස් කිරීමට යොදාගැනෙන එන්ජින් වර්ගයකි. මෙහිදි G1, G2, Y සහ Y1 යනුවෙන් පන්ති හතරක ශන්ටර් එන්ජින් ලංකාවේ භාවිත කර ඇත. දැන් භාවිත වෙන්නේ Y පන්තියේ එන්ජින් පමණි. මේවායෙන් ඉතා වැදගත් සේවයක් දුම් රිය සේවයට ඉටු කරනු ලබයි.

රේල් බස්, රේල් කාර් සහ වෙනත් එන්ජින්

ඩීසල් රේල් කාර් T පන්තිය යටතට ගැනේ. රේල් කාර් එකක් යනු එක් පෙට්ටියක් පමණක් ඇති බස් එකක් වැනි වාහනයකි. මේවා දැන් භාවිතයේ නොමැත.

ලේලන්ඩ් බස් වල ආකෘතියෙන් නිමවා ඇති රේල් බස් දේශිය නිශ්පාදනයකි. මේවා ග්‍රාමීය ප්‍රදේශ වල ධාවනය වෙනු දක්නට හැකිය. මේ සඳහා ධාවන පන්තියක් ලබා දී නොමැත. රේල් බස් 20කට ආසන්න සංඛ්‍යාවක් නිපදවා ඇත. බස් දෙකක් පූට්ටු කොට එක් රේල් බස් ඒකකයක් තනා ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එන්ජින් හැරුණු කොට ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය සහ හොල්සිම් සිමෙන්ති ආයතනය සතුවද ඩීසල් එන්ජින් කිහිපයක් තිබේ. වරායේ ඇති එන්ජින් භාවිත වෙන්නේ නැව් මගින් ගෙනෙන කෝච්චි පෙට්ටි සහ එන්ජින් වල ප්‍රවාහන කටයුතුයි. හොල්සිම් සමාගමේ එන්ජින් හුණු ගල් නිදියේ සිට කම්හලට අමුද්‍රව්‍ය රැගෙන ඒම සඳහා භාවිත වෙයි.

Class T1

මෙම වර්ගයේ රේල් කාර් 23 1947 (504-526) වර්ෂයේ දී එංගලන්තයේ english electric සමාගමෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලදී.එන්ජින් ධාරිතාව 180hp-1350 වේ. උපරිම වේගය 88kmph වේ .

Class T2

ධාවනයෙන් ඉවත්කළ sentinel වර්ගයේ වාෂ්ප රේල් කාර් රථ 5කට (321-325) වලට ඩීසල් එන්ජිමක් සවි කිරීමෙන් ශ්‍රී ලංකාවේ දී නිපදවා ඇත.එන්ජින් ධාරිතාව 230hp-1800rpm වේ .උපරිම වේගය 88kmph වේ .

Remove ads

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads