ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
From Wikipedia, the free encyclopedia
ශ්රී ලංකා දුම්රිය සේවය[3] පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ශ්රී ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකි (ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව)[4][5][6][7].[8] 1858 දී ආරම්භ කරන ලද මෙය වර්තමානයේ ප්රවාහන අමාත්යංශය යටතේ පවතී. ශ්රී ලංකාවේ දුම්රිය සේවය වාණිජ අගනුවර වන කොළඹ පිහිටි මරදාන සිට අගනුවරින් ඈත පිහිටි ප්රදේශත් අතර ප්රධාන මාර්ග පහක් ඔස්සේ දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.
ගොනුව:Ceylon Government Railways logo.gif | |
වර්ගය | රජය-සතු දෙපාර්තමේන්තුව |
---|---|
ස්ථාපිතය | 1858 |
මූලස්ථානය | කොළඹ, ශ්රී ලංකාව |
ප්රධාන පුද්ගලයන් | Mr. B. A. P. Ariyaratne, General Manager (act.) |
කර්මාන්තය | දුම්රිය ගමනාගමනය |
ආදායම | LKR 4,200,000,000[1] |
ශුද්ධ ආදායම | - ශ්රී ලංකා රුපියල් 7,500,000,000 |
සේවකයන් | දළ වශයෙන්. 14,400[2] |
වෙබ්අඩවිය | www.railway.gov.lk |
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | |
---|---|
Specifications | |
Track gauge | 1676 mm |
වර්තමානයේ ශ්රී ලංකා දුම්රිය සේවය කිලෝමීටර 1508ක පුළුල්මාර්ගයකින්(අඩි 5 අඟල් 6) සමන්විතය. එමෙන්ම ලෝකයේ ඇති අලංකාරතම දුම්රිය මාර්ගයක් ලෙසද ශ්රී ලංකා දුම්රිය සේවය සලකනු ලබයි. විශේෂයෙන්ම ප්රධාන දුම්රිය මාර්ගය දියඇලි, ස්වභාවික වනාන්තර සහිත කඳුවැටි, මීදුමෙන් වැසීගත් කඳු මුදුන් ආදී ස්වභාවික අලංකාරයෙන් මෙන්ම මිනිසාගේ අලංකාර නිර්මාණ වන තේ වතු, පයින් වනාන්තර හා පාලම්, උස් ස්ථානවල පිහිටි දුම්රිය සථාන ආදී ඉංජිනේරුවරුන්ගේ විශ්වකර්ම නිර්මාණ ආදියෙන්ද අලංකෘතය.