From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා දිවයිනෙහි ඇති නිවර්තන වියළි පළල් පත්‍ර වනාන්තරමය පාරිසරික කලාපයකි.
ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර | |
---|---|
පරිසර විද්‍යාව | |
ක්ෂේත්රය | ඉන්දුමලයානු |
බයෝමය | නිවර්තන සහ උපනිවර්තන පළල් පත්‍ර වනාන්තර |
සීමා | ශ්‍රී ලංකා පහතරට වර්ෂා වනාන්තර සහ ශ්‍රී ලංකා කඳුකර වර්ෂා වනාන්තර |
භූගෝල විද්‍යාව | |
භූමි ප්‍රමාණය | 47,759 km2 |
රට | ශ්‍රී ලංකාව |
සංරක්ෂණය | |
සංරක්ෂණ තත්ත්වය | අවදානමට ලක් වූ |
ආරක්ෂිත | 17,736 km² (37%)[1] |
ශ්‍රී ලංකා දිවයිනෙහි නිරිතදිග කෙළවරෙහි පහතරට වර්ෂා වනාන්තර, මධ්‍යම කඳුකරයේ කඳුකර වර්ෂා වනාන්තර සහ උතුරුදිග යාපන අර්ධද්වීපයේ ඩෙකෑන් කටු පඳුරු ලඳු කැළෑ යන පාරිසරික කලාපවලින් මායිම් වූ මෙම පාරිසරික කලාපය මඟින් සෙසු භූමියෙන් 48,400 square කිලෝmeters (18,700 sq mi), 75%ක් පමණ ආවරණය වේ.
මෙහි භූ ලක්ෂණ සැළකූ විට, භූමිය සාමාන්‍යයෙන් පහත් අතර, එහි තැනින් තැන ගිරි ශිකර දක්නට ලැබේ. මින් උසම ගිරි ශිඛර වන රිටිගල (මීටර 766) මධ්‍යම කඳුකරයට උතුරින් පිහිටා ඇත.
මෙම පාරිසරික කලාපයට වාර්ෂිකව 1500–2000 mm හ්පමණ වර්ෂාපතනයක් ලැබේ. ඉන් වැඩිම වැසි ප්‍රමාණයක් දෙසැම්බර් සිට මාර්තු දක්වා වූ ඊසානදිග මෝසමින් ලැබෙන අතර, වසරේ සෙසු කාලවල දී එය භූමිය බොහෝදුරට වියළි ය.
17,736 km², හෙවත් පාරිසරික කලාපයෙන් 37%ක ප්‍රමාණය ආරක්ෂිත ප්‍රදේශ වේ.[2] ආරක්ෂිත ප්‍රදේශ අතර පහත ප්‍රදේශ ඇතුළත් ය:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.