ශාරීරික යෝග්‍යතාව
හොඳ සෞඛ්‍යයෙන් ජීවත්වීම / From Wikipedia, the free encyclopedia
ශාරීරික යෝග්‍යතාව එකිනෙක හා සමීප සම්බන්ධතා පවත්වන අංග දෙකකින් සමන්විත වේ. සාමාන්‍ය ශාරීරික සුවතාව (නිරෝගි දිවි පෙවෙත) හා විශේෂිත ශාරීරික සුවතාව (ක්‍රීඩාවේ දී හා රැකියා ස්ථානයේ දී විශේෂිත ක්‍රියා සිදු කිරීමේ හැකියාව මෙම අංග දෙක වේ.
මෙම ලිපිය වනාහි Physical fitness ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
ශාරීරික සුවතාවය යනු හෘදය වස්තුව , රුධිර වාහිනී , පෙනහළු හා මාංශ පේශීන් මගින් එහි උපරිම ක්‍රියාකාරීත්වයකින් යුතුව ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. අතීතයේදී ශාරීරික සුවතාව ලෙස හදුන්වනු ලැබුවේ එදිනෙදා වැඩ කටයුතු අසාමාන්‍ය තෙහෙට්ටුවකින් හෝ පීඩාවකින් තොරව සිදු කිරීමට ඇති හැකියාවයි. කාර්මිකරණ විප්ලවයක් සමගම සිදුවු මිනිසුන් යාන්ත්‍රික වීම , විවේක කාලය වැඩිවීම් හේතුවෙන් ඉහත කී නිර්වචනය තවදුරටත් වලංගු නොවේ. උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කිරීම මෙහි මුලික අංගය වේ. වැඩෙහි නිරත වන විටදීත් විවේකීව සිටින විටදීත් කාර්යක්ෂමව හා කාර්යශූරව කටයුතු කිරීම සදහා සිරුරෙහි ඇති හැකියාව , නිරෝගීව සිටිමින් රෝග වලක්වාගෙන හදිසි අවස්ථාවලට මුහුණ දීමට හැකියාව ශාරීරික යෝග්‍යතාව ලෙසට නිර්වචනය කෙරේ.