![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/Books_and_Scroll_Ornament_with_Open_Book.png/640px-Books_and_Scroll_Ornament_with_Open_Book.png&w=640&q=50)
ශෘංගාර සාහිත්‍යය
From Wikipedia, the free encyclopedia
කියවන්නිය ව ලිංගික ව උත්තේජනය කිරීමේ අරමුණ ඇති ව හෝ ලිංගික ව උත්තේජනය කිරීමට හැකි අන්දමින් මානව ලිංගික හැසිරීම් විෂය කරගනිමින් ලියැවුණු ප්රබන්ධමය හෝ නිර්ප්රබන්ධමය වූ රචනාවන් ශෘංගාර සාහිත්‍යයට අයත් වේ.[1]මේවා නවකතා, කෙටිකතා, කාව්‍යය, ආවර්ජනා සහ ලිංගික අත්පොත් වැනි ඕනෑම ස්වරූපයකින් ප්‍රකාශයට පත්විය හැකිය. වෛශ්යකර්මය, කාම සැණකෙළි, සමලිංගිකත්වය, ස්වයං පරපීඩා කාමුකත්වය සහ වෙනත් නොයෙක් අශ්ලීලමය විෂයන් හෝ අර්චනයන් වැනි තේමාවන් ඇසුරු කරගත් අශ්ලීලමය වූ හෝ නොවූ භාෂාවකින් රචනා වන ප්රකාශනයන් ද මෙම ශානරයෙහි ම විශේෂාංගයන් ය.[2] උපහාසය සහ සමාජ විචාරය යනු ද මෙයට අයත් අනෙකුත් පොදු මූලිකාංගයන් වෙයි. මෙවැනි අමුද්‍රව්‍ය පිළිබඳ ව සංස්කෘතික තහංචි පැවතුන ද මුද්‍රන ශිල්පය සොයාගැනීමට පෙර කාමකතාවන්හි ව්‍යාප්තිය ප්‍රබල ලෙස ඉස්මතු නොවීය. එයට හේතුව වූයේ අත්පිටපත් නිෂ්පාදනය වියදම් අධික කාර්යයක් වූ බැවින් තෝරාගත් පාඨක පිරිසක් අතර සුළු වශයෙන් ව්‍යාප්ත වීමයි. 15වන සියවසේ මුද්‍රන ශිල්පය සොයාගැනීමත් සමඟ දැවැන්ත වෙළඳපොළකට මෙන් ම (අශ්ලීලත්වය පිළිබඳ සමාජාකල්ප හේතුවෙන්) වාරණය සහ නෛතික අවහිර කිරීම් වැනි සීමාකිරීම්වලට ද හිමිකම් කීමට එය සමත් විය.[3]මෙහි ප්‍රතිඵලය වුයේ මෙවැනි ප්‍රකාශන බොහොමයක නිෂ්පාදනය සහ සංසරණය රහසිගත ව සිදුවීමයි.[4]