ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක
From Wikipedia, the free encyclopedia
ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක යනු 1900 දී ආතර් මර්වින් නම් සිනමාවේදියා විසින් නිපද වූ ඉතා කෙටි ඇමෙරිකානු නිහඬ චිත්‍රපටියකි.
‘ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක’, ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් තිරයට හඳුන්වා දෙන ප්‍රථම චිත්‍රපටියයි.[1]චරිතයේ අන්තර්ගතය, එය ප්‍රථම පටිගත කල රහස් පරීක්ෂක චිත්‍රපටිය බවට පත් කරන ලදී. [1][2]චිත්‍රපටියෙහි, සිතැගි පරිදි පෙනී සිටීමට හා නොපෙනී යාමට හැකි සොරෙක් ෂර්ලොක් හෝම්ස්ගේ භාණ්ඩ පැසක් සොරකම් කරයි. සෑම විටම බලෙන් ඇතුල්වෙන්නා වැළකීමට හෝම්ස් කල උත්සාහයන් අවසානයේදී ව්‍යර්ථ වේ.[3]
පටන්ගැනීමේදී මෙය පෙන්වන ලද්දේ ආකේඩ් මුටෝස්කෝප් යන්ත්‍ර වලය. ෂර්ලොක් හෝම්ස් පටලැවිල්ලක හි ධාවන කාලය තත්පර 30 කි. 1900 දී නිෂ්පාදනය වු නමුත් එය ලියාපදිංචි වුනේ 1903 දී ය. ඒබව දැක්වෙන හිමිකාරිත්ව සටහන ඇතැම් පිටපත් වල දක්නට ලැබිණ.[3] පළමු දර්ශන වල හෝම්ස් සහ ප්රතිතිවාදියාගේ අනන්‍යතාවයන් පටිගත නොවින. වර්ෂ ගණනක් සොයාගැනීමට නොහැකිව තිබූ චිත්‍රපටිය 1968 දී පත්‍ර මුද්‍රණයක් ලෙස කොන්ග්රස් පුස්තකාලයේදී නැවත සොයාගත හැකි විය.[4]