From Wikipedia, the free encyclopedia
සංස්කෘතික සංචාරක උරුමයන් (හෝ සංචාරක උරුමයන්) සංචාරක ව්‍යාපාර දක්නට ලැබෙන ස්ථානයේ සංස්කෘතික උරුමයන් දෙසට නැඹුරු වන සංචාරක ව්‍යාපාරයේ එක් ශාඛාවකි. එක්සත් ජනපදයේ ඓතිහාසික සංරක්ෂණය සදහා වූ ජාතික භාරකාර මණ්ඩලය “අතීතයේ ජනතාව සහ කතා පුවත් සත්‍ය ලෙස නියෝජන කරන ස්ථාන, කෞතුක භාණ්ඩ සහ ක්‍රියාකාරකම් අත්දැකීමට ගමන් කිරීම,” සහ “සංචාරක උරුමයන් සඳහා සංස්කෘතික,ඓතිහාසික හා ස්වාභාවික සම්පත් ඇතුළත් කළ හැක.” යනුවෙන් සංචාරක උරුමයන් අර්ථ දක්වයි.
16 වන සියවසයේ සිට Grand Tour සංවර්ධනය තෙක් සංස්කෘතිය, චාරිකා වල ප්‍රධාන වස්තුවක් වී ඇති බවට සාක්ෂි දරයි. විසි වන සියවසයේ ඇතැම් පුද්ගලයින්ගේ මතය අනුව,සංචාරක ව්‍යාපාර වල අරමුණ සංස්කෘතිය විය යුතුය: දැන් සංචාරක ව්‍යාපාර යනු සංස්කෘතියයි. සෑම අතින්ම සංස්කෘතික ආකර්ෂණය, සංචාරක ව්‍යාපාර වල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
Weiler සහ Hall ට අනුව, සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගැනීමට සංස්කෘතිය, උරුමය හා කලාව දීර්ඝ කාර්යභාරයක් ඉටු කර ඇත. කෙසේවුවත් මෑත අවුරුදු වලදී, උරුමය හා කලාව පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට ‘සංස්කෘතිය’ වැදගත් අලෙවි උපකරණයක් ලෙස යළි අනාවරණය කර ඇත. Hollinshead ට අනුව, සංචාරකයින් අතර විශේෂ වීමේ ප්‍රවණතාවය වැඩි වීම හේතුවෙන් සංස්කෘතික සංචාරක උරුමයන් සංචාරක කර්මාන්තයේ වේගයෙන්ම වර්ධනය වන කොටසක් වේ. මෙම ප්‍රවණතාවය වික්‍රමයන්, සංස්කෘතිය, ඉතිහාසය, පුරා විද්‍යාව හා දේශීය ජනතාව සමඟ අන්‍යෝන්‍ය බැඳීම සොයන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රකට වේ.
විවිධ හේතූන් නිසා සංස්කෘතික සංචාරක උරුමයන් වැදගත් වෙයි; එයට ධනාත්මක ආර්ථික හා සමාජීය බලපෑමක් ඇත, එය අනන්‍යතාවය ඇති කර තව දුරටත් තහවුරු කරයි, එය සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට උපකාරී වෙයි, සංස්කෘතිය සමඟ ආයුධයක් ලෙස එය ජනතාව අතර සමඟිය සහ අවබෝධය ඇති කිරීමට පහසුකම් සලසයි, එය සංස්කෘතිය පෝෂණය කරන අතර සංචාරක ව්‍යාපාර ප්‍රාණවත් කිරීමට උපකාරී වෙයි (Richards,1996). Benjamin Porter සහ Noel B. Salazar ලේඛනගත කර ඇති පරිදි, කෙසේ වෙතත්, සංස්කෘතික සංචාරක උරුමයන් එයට සම්බන්ධ වන විවිධ පාර්ශවකරුවන් අතර අවිනිශ්චිතභාවය හා ගැටුම් නිර්මාණය කරයි. (Porter and Salazar 2005).
සංස්කෘතික සංචාරක උරුමයන් වලට තිරසාර සංවර්ධනයක් උදෙසා සංස්කෘතික සම්පත් සංරක්ෂණය, සම්පත් නිවැරදිව අර්ථ දැක්වීම, අව්‍යාජ අමුත්තන් අත්දැකීම හා සංස්කෘතික සම්පත් වලින් උපාය ගන්නා ආදායම උත්තේජනය කිරීම වැනි අරමුණු ගණනාවක් ඇත. එම නිසා, සංස්කෘතික සංචාරක උරුමයන්, වටිනා උරුමයන් හඳුනා ගැනීම, කළමනාකරණය හා ආරක්ෂා කිරීම සමඟ පමණක් නොව සංචාරක ව්‍යාපාර සඳහා බලපාන ප්‍රජාව සහ ප්‍රදේශ අවබෝධ කර ගැනීම, ආර්ථික හා සමාජීය ප්රතිලාභ ලැබීම, ආරක්ෂාව සඳහා මූල්‍ය සම්පත් සැපයීම මෙන්ම අලෙවිකරණය සහ ප්‍රවර්ධනය සමඟ සම්බන්ධ විය යුතු බවත් අපට හඳුනා ගත හැක.(J.M.Fladmark, 1994)
පැරණි ඇල මාර්ග, දුම්රිය මාර්ග, සටන් බිම් යනාදිය අඩංගු වන ඓතිහාසික හෝ කාර්මික අඩවි සංචාරය කිරීම සංචාරක උරුමයන් හා සම්බන්ධ වෙයි. සමස්ත අරමුණ වන්නේ අතීතය පිළිබඳ අගය කිරීමක් ලබා ගැනීමය.
යටත් විජිත නිදහස් කර ගැනීම, සංක්‍රමණය වර්තමාන සංචාරක උරුමයන් සඳහා ප්‍රධාන පසුබිම සකස් කරයි.
ආගමික සංචාර හෝ වන්දනා ගමන් තවත් ආකාරයකි. ලොව පුරා බොහෝ කතෝලිකයින්, වතිකානුව සහ ලෝඩ්ස් හෝ ෆාතිමා වැනි අනෙක් ප්‍රදේශ වලට පැමිණෙති.
නාට්‍යමය ජවනිකාවක් සේ නිරූපණය කර ඇති ඓතිහාසික සිදුවීම් වලටත් සංචාරක උරුමයන් ආරෝපණය කළ හැක. උදාහරණයක් ලෙස හොල්මන් වැනි තේමාවක් යොදා ගෙන නගරයක් සංචාරය කිරීම. යම් ඓතිහාසික කාල පරිච්චේදයක සමබර දැක්මක් ඉදිරිපත් කරනවාට වඩා සංචාරක උරුමයන් ඇතැම් ඓතිහාසික සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරයි. ආර්ථිකමය වශයෙන් එම අඩවිය හා අවට ප්‍රදේශ දියුණු කිරීමට විරුද්ධව, එහි අරමුණ සෑම විටම නිවැරදි ඓතිහාසික කරුණු ඉදිරිපත් කිරීම නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක උරුමයන්, අධ්‍යාපනය, විනෝදාශ්වාදය, සංරක්ෂණය සහ ලාභ යනාදියන්ගේ සංකලනයක් ලෙස දැකිය හැක.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.