සත්ව හිංසනය
මිනිසුන් විසින් මිනිසුන් නොවන සත්වයාට එරෙහිව නොසැලකිලිමත් හෝ අපයෝජන ක්‍රියාමාර්ග ගැනීම / From Wikipedia, the free encyclopedia
සත්ව හිංසනය යනුවෙන් හදුන්වන්නේ මිනිසෙකු විසින් මිනිස් නොවන සත්වයෙකු කෙරෙහි වූ හිංසනය හා වේදනා නොසළකා හැරීමත්, එවැන්නකට අනුබල දීමත් ය. පුළුල් ව සිතා බැලීමේදී, කිසියම් අරමුණක් සහිතව සතුන්ට හිංසා කිරීම, උදාහරණ වශයෙන් විනෝදයට සතුන් මැරීම වැනි දේ දක්වාම සත්ව හිංසනය ව්‍යාප්ත වේ.
ලොව පුරා අධිකරණවල, සත්ව හිංසනය පිළිබඳ නීතිවලට විවිධ වූ ප්රවේශයන් දක්නට ලැබේ. නිදසුනක් වශයෙන්, සමහර නීති මගින් ආහාර, ඇදුම් පැළදුම් හෝ වෙනත් නිෂ්පාදන සදහා සතුන් මැරීමේ ක්‍රම පාලනය කරනු ලබන අතර අනෙකුත් නීති මගින් විනෝදය අධ්‍යාපනය , පර්යේෂණ හෝ සුරතල් සතුන් ලෙස තබාගැනීම සම්බන්දයෙන් සැළකිලිමත් වේ. සත්ව හිංසනය පිළිබඳ සංකල්පීය ප්රවේශයන් ගණනාවක් තිබේ.
සත්ව සුභසාධන ස්ථාවරයක් දරන ඇතැමුන්ගෙ මතය වන්නෙ ආහාර, ඇදුම් පැළදුම්, විනෝදාස්වාදය සහ පර්යේෂණ වැනි මානව අරමුණු සදහා සතුන් භාවිතා කිරීමෙ වරදක් නොමැති නමුත් එය අනවශ්‍ය වේදනා හා දුක් අවම වන ආකාරයට එනම් "මානුෂීය" ලෙස කළ යුතු බවයි. තවත් සමහරු තර්ක කරන්නෙ "අනවශ්‍ය" යන්නෙහි අර්ථ දැක්වීම පුළුල් ලෙස වෙනස් වන බැවින් සතුන්ගෙ සියලු භාවිතයන් මෙයට පාහේ ඇතුළත් විය හැකි බවයි.
පිරිවැය සහ ප්රතිලාභ පිළිබඳ ස්ථාවරයෙන් උපයෝගිතාවාදී උපදේශකයින් තර්ක කරන අතර සතුන්ට ඉඩ දිය හැකි ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔවුන්ගේ නිගමන වෙනස් වේ. සමහර උපයෝගිතාවාදීන් සත්ව සුභසාධනය වැනි ප්‍රවේශයක් ගන්නා අතර තවත් සමහරු මෙයට සත්ව අයිතිවාසිකම් වැනි ප්‍රවේශයක් ගනී. සත්ව අයිතිවාසිකම් න්‍යායවාදීන් "අනවශ්‍ය" සහ "මානුෂීය" යන වචන පුළුල් ලෙස අර්ථ නිරූපණය කළ හැකි බව පවසමින් සතුන්ට මූලික අයිතිවාසිකම් ඇති බවට තර්ක කරති. ඔවුන්ගේ මතය වන්නෙ බොහෝ සත්ව භාවිතයන් අනවශ්‍යය බවත් එය සතුන්ට වේදනාවක් විදීමට හේතුවක් බවත්, එබැවින් සතුන්ට ආරක්ෂාව සහතික කිරීම සදහා එකම ක්‍රමය දේපළක් ලෙස ඔවුන් නොසලකා, එනම් ඔවුන් කිසිවිටෙකත් ද්‍රව්‍යක් ලෙස හෝ ජීවී ද්‍රව්‍යක් ලෙස භාවිතා නොකිරීමට වග බලා ගැනීමයි.