සබන් යොදා අත් සේදීම
From Wikipedia, the free encyclopedia
ළමා මරණ වලින් බහුතරයකට එක්ව වගකියන පාචනීය රෝග සහ නියුමෝනියාව වළක්වාගැනුමට ඇති, අතිශයින් සඵලදායක සහ මිල අධික නොවන ක්‍රියාමාර්ග අතර සබන් යොදා අත් සේදීම වෙයි. [1] 2015 වන විට වයස අවුරුදු පහෙන් අඩු දරුවන් අතර මරණ සංඛ්‍යාව තුනෙන්-දෙකකින් අඩු කිරීමේ සහස්ර ප්‍රවර්ධන ඉලක්කය සපුරාලීම සඳහා වැදගත් මෙහෙවරක් මෙම පුරුද්ද විසින් ඉටු කෙරෙන බවට අරමුණු කෙරෙයි. [1] එක්සත් ජාතීන් විසින් ජාතික සෞඛ්යාරක්ෂක වසර ලෙසින් නම් කෙරුණු 2008 වසරේදී ගත් තීරණයක් අනුව, ගෝලීය අත් සේදීමේ දිනය ලෙසින්, ඔක්තොම්බර් 15 සැමරේ.
සෘජු ස්පර්ශය තුලින් හෝ වක්‍ර ලෙසින් පෘෂ්ඨයන් ඔස්සේ හෝ, රෝග-ඇති කරන ව්‍යාධිජනක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රැගෙන යන, වාහකයන් ලෙසින්, බොහෝවිට අත් ක්‍රියාකරයි. අනෙක් පුද්ගලයන්ගේ අත්, හිසකෙස්, නහය, සහ මුහුණ ස්පර්ශ කිරීමෙන්, මිනිසුන් විසින් බැක්ටීරියා පතුරුවා ලිය හැක. මිනිස් හෝ සත්ත්ව අසූචි, නාසික බහිස්ස්රාවයන් වැනි දේහ තරල, සහ දූෂිත ආහාර හෝ ජලය හා ස්පර්ශ ව සිටි මිනිසුනට, නොදැනුවත් ධාරකයන් වෙත, බැක්ටීරියා, වයිරස සහ පරපෝෂිතයන් පරිවහනය කල හැක. සබන් යොදා අත් සේදීම විසින්, රෝග සම්ප්‍රේෂණයට සමාප්තිය යොදමින්, මෙය වැලැක්වීමට ඉවහල් වෙයි. [2] සබන් යොදා අත් සේදීම සඵලදායක අයුරින් සිදුකිරීමට නම් තත්පර 8 – 15 දක්වා භාවිතා කර ඉන්පසු ගලායන ජලයෙන් අත් සේදිය යුතු වෙයි. [3]