සම්ගුක් සගි
From Wikipedia, the free encyclopedia
සම්ගුක් සගි (삼국사기, 三國史記, තුන් රාජධානිවල ඉතිහාසය) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි වන ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා රාජධානි පිළිබඳ වන ඓතිහාසික වාර්තාවකි. සම්ගුක් සගි ග්‍රන්ථය රචනා කොට ඇත්තේ පුරාතන කොරියාවේ උගත් ජනයාගේ ලේඛන භාෂාව වූ සම්භාව්‍ය චීන බසිනි. මෙය සම්පාදනය කිරීමට නියෝග කරන ලද්දේ ගොර්යෝවේ රජකු වූ ඉන්ජොං (රාජ්‍ය. 1122-1146) රජු විසිනි. මෙය සම්පාදනය කිරීහට මූලිකත්වය ගන්නා ලද්දේ රාජ්‍ය නිලධාරියකු සහ ඉතිහාසඥයකු වූ, කිම් බුසික් (金富軾) සහ කනිෂ්ඨ විද්වතුන්ගෙන් සැදි මඬුල්ලක් විසිනි. 1145දී මෙය නිමකෙරිණි. මෙය කොරියාව තුළ වඩාත් ප්‍රකට වී ඇත්තේ එය කොරියානු ඉතිහාසය පිළිබඳ පවත්වා පැරණිතම වංශකථාව නිසායි.
Quick Facts කර්තෘ, මුල් මාතෘකාව ...
කර්තෘ | කිම් බුසික් |
---|---|
මුල් මාතෘකාව | 삼국사기 (三國史記) |
රට | ගොර්යෝ |
භාෂාව | සම්භාව්‍ය චීන |
විෂයය | කොරියාවේ ඉතිහාසය |
ප්‍රභේදය | පුරාතන ඉතිහාසය |
ප්‍රකාශිත දිනය | 1145 |
Close