ස්ටාර් ඔෆ් ඉන්ඩියා (මැණික)
From Wikipedia, the free encyclopedia
ස්ටාර් ඔෆ් ඉන්ඩියා යනු කැරට් 563.35 (ග්රෑම් 112.67) ක බරකින් යුක්ත වූ ආරුනූල් නිල් මැණිකකි. එය ලෝකයේ විශාලතම මැණික් අතුරින් එකක් ලෙස සැළකේ.[1][lower-alpha 1] පළුදුවලින් තොර මෙම මැණිකෙහි දෙපසම තාරකා සළකුණ (නූල් හය) දැකගත හැකිවේ. අළු නිල් පැහැයට හුරු ස්ටාර් ඔෆ් ඉන්ඩියා මැණික, ශ්‍රී ලංකාව තුල සිදු කල කැණීමකින් හමුවූවක් වන අතර[3] එය මේ වන විට නිව්යෝර්ක් හී ස්වභාවික ඉතිහාසය පිළිබද අමෙරිකාණු කෞතුකාගාරය තුල තබා ඇත.