ස්නයිෆර් තුවක්කු
From Wikipedia, the free encyclopedia
හමුදා සහ නීති ආරක්ෂක භාවිතයන්හීදි අනෙකුත් සාමාන්‍ය තුවක්කුවලට සාපේක්ෂව වඩාත් විශාල පරාසයක් තුළ ඉතා නිරවද්‍ය ලෙස වෙඩි පහර එල්ලකිරීම සඳහා භාවිතා වන තුවක්කු හැදින්වීම සඳහා ස්නයිපර් තුවක්කු යන යෙදුම බහුලව භාවිතා වේ. සාමාන්‍ය ස්නයිපර් තුවක්කුවක් නිර්මාණය කෙරෙනුයේ උපරිම නිරවද්‍යතාවක් ලබාගත හැකි වන පරිදිය. සාමාන්‍යයෙන් එයට දුර දක්නයක් සවිකර ඇත. එමෙන්ම එය සකස් කෙරෙනුයේ හමුදාමය centrefire cartridge සඳහා ගැළපෙන පරිදි වේ. බොහෝ විට ජනමාධ්‍යයන් තුළ මිනිසුන් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කෙරෙන දුර දක්නයක් සවිකර නිරවද්‍යතාව ඉහළ නැංවූ ඕනෑම තුවක්කුවක් හැඳින්වීම සඳහා ස්නයිපර් තුවක්කුව යන යෙදුම භාවිතා වේ.
ස්නයිපර් තුවක්කු කරුවෙකුගේ හමුදාමය වැඩ කොටසේ ආරම්භය 18 වන සියවසේ අවසානය තරම් අතීතයට දිවෙයි. ස්නයිපර් තුවක්කු කරුවෙකු හැඳින්වීම සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන වන Sniper යන්න දඩයම් කිරීමට සහ වෙඩි තැබීමට අපහසු වූ Snipe නම් කුරුළු වර්ගය ඇසුරෙන් නිර්මාණය වූවකි. කෙසේ නමුත් ස්නයිපර් තුවක්කුව වඩාත් නූතන නිර්මාණයකි. තාක්ෂණයේ දියුණුවත් සමග එනම් වඩාත් දියුණු දුරදක්න සහ වඩාත් නිරවද්‍ය නිෂ්පාදන ක්‍රමවේද කරලියට පැමීණීමත් සමග සාමාන්‍ය පාබල හමුදා අවිවලට වඩා දිග දුර ක්‍රියාත්මක වන අවි භාවිත කරමින් ඉතා නිවැරදි වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් විශේෂයෙන් පුහුණු කළ සොල්දාදුවන් යොදා ගැනීමේ හැකියාව හමුදාවන්ට හිමි විය. සාමාන්‍ය රයිෆලයක් (සාමාන්‍ය බොල්ට් ක්‍රියාකාරිත්වයෙන් යුතු රයිෆලයක්) වුවද දුරදක්නයක් සවිකළ විට ස්නයිපර් රයිෆලයක් බවට පත්වෙයි.
ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමයෙ දී මොසින් - නගන්ට් (mosin Nagant) රයිෆලය රැසියානු වෙඩි තබන්නන් විසින් බහුලව භාවිතා කර ඇත. මේවායෙ දුරේක්ෂකද සවි කර ඇත. ඇමරිකානු සිවිල් යුද්ධයෙදී, සමගි සංවිධාන හමුදාවන් විසින් barrel – length three power scope mounted on the then premium British…………………………………………………………..
පැරණිතම සනයිපර් රයෆලය දිගු -දුර ˝Peep – sights˝ ලෙසින් නිර්මාණය කර ඇති අතර එය ඉලක්කගත පරාසයක දී භාවිතයට ගනී. පළමු ලෝක යුද්ධය ආරම්භයේ දී පමණක් සනයිපර් රයිෆල කරළියට ආ අතර පළමු හමුදා සනයිපර් රයිෆලය SMLE MK (HT) ලෙස කරළියට එන ලදී.දෙවන ලෝක යුද්ධ සමයේ නිර්මාණය කළ සනයිපර් සම්මත ප්‍රමාණයේ ඒවා විය. ඒවා නිවැරදිව භාවිතා කළ හැකි ලෙසට අතට හුරැ වු 2.5x ප්‍රමාණයේ දුරදක්නයක් සහිත කම්මුලේ තබා ගත හැකි වු ඇණයක් මගින් පහතට හැරවීමෙන් දුරෙක්ෂය භාවිතා කර ප්‍රහාරය එල්ල කල හැකි අයුරින් නිමවා ඇත. යුද්ධය අවසානයේ දී සියළු පාර්ශව වල හමුදා සතුව සනයිපර් රයිෆල් භාවිතා කළ හැකි පුහුණු වු සෙබළුන් විය. එමෙන්ම එදා මෙදා තුර ඔවුන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන ලදහ.