සැකිල්ල
ජීවියකුගේ සන්ධාරණ ව්‍යූහය / From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, සැකිල්ල (බහුරුත්හරණය) බලන්න.
මෙම ලිපිය පොදුවේ සැකිලි පිලිබඳ වේ. මානව සැකිල්ල සඳහා, මානව සැකිල්ල බලන්න.
සැකිල්ල යනුවෙන් හඳුන්වනු ලබන්නේ සත්ත්ව දේහයන් දරාසිටින රාමුව බඳු ව්‍යූහයයි.[1] විවිධ සැකිලි ප්‍රභේද ඇත: ඒ අතර ජීවියකුගේ ස්ථාවර පිටත කවචය වන බහිඃසැකිල්ල, ශරීර අභ්‍යන්තරයේ පිහිටි සන්ධාරක ව්‍යූහය වන අන්තඃසැකිල්ල, ද්‍රව පීඩනය මඟින් ආධාර වන නම්‍යශීලී සැකිල්ලක් වන ද්රවසැකිල්ල, සහ බැක්ටීරියා හා ආකියා ඇතුළු සියලු සෛලවල හමුවන සෛල සැකිල්ල දැක්විය හැක. මෙහි ඉංග්‍රීසි යෙදුම වන "Skeleton” යන්න වෙතින් Greek σκελετός (skeletós) 'වියළී ගිය' යන වදනෙන් සම්භවය වූවකි.[2]