සිමියොන් (ශුද්ධවූ ලූක් තුමන්ගේ ශුභාරංචිය)

From Wikipedia, the free encyclopedia

සිමියොන් (ශුද්ධවූ ලූක් තුමන්ගේ ශුභාරංචිය)

දේව මාළිගයෙහි සිමියොන් (ග්‍රීක Συμεών, දෙවියන් දරා සිටින සිමියොන්) යනු, ජෙරුසලෙමෙහි ජීවත්වූ "දැහැමි සහ බැතිමතෙක්" වූ අතර, ශුද්ධවූ බයිබලය පරිදී, Luke 2:25–35, මොසෙස්ගේ ව්‍යවස්ථාවෙහි සඳහන් වත් පිළිවෙත් ඉටු කරනු වස් ජේසුස්වහන්සේගේ උපතෙන් සතළිස් දිනක් ගතවෙත්ම ජේසුස්වහන්සේ දේව මාළිගයෙහිදී කැප කිරීම සඳහා, ඔවුන් දේව මාළිගයට ඇතුළුවත්ම, ඔහු හට මරියතුමිය, ජුසේතුමා, සහ ජේසුස්වහන්සේ හමු විය.

Quick Facts ශුද්ධවූ සිමියොන් තුමා, අනාගත වක්තෘවරයා දෙවියන් වඩාගත් තැනැත්තා ...
ශුද්ධවූ සිමියොන් තුමා
Thumb
දෙවියන් වඩාගත් සිමියොන් ඇලෙක්සෙයි යෙගෝරොෆ්. 1830–40 ගණන්
අනාගත වක්තෘවරයා
දෙවියන් වඩාගත් තැනැත්තා
ගරු කරනු ලබනුයේනැගෙනහිර ඕර්තඩොක්ස් සභාව
රෝමානු කතෝලික සභාව
එංගලන්ත සභා සංගය
ලූතරයානුවාදය
ප්‍රධාන සිද්ධස්ථානසාදර්, ක්‍රොඒෂියාව හී පිහිටි ශුද්ධවූ සිමියොන් තුමාගේ දෙව්මැදුර
මංගල්‍යය දිනපෙබරවාරි 3
ලාක්ෂනික ගුණාංගසමහරවිට යුදෙව් පූජකයෙකු ලෙසින් හැඳපැලඳව සිටින, බොහෝ විට ළදරු ජේසුතුමන් දරා සිටින බවට දැක්වෙන, වයස්ගත පිරිමි පුද්ගලයෙකු ලෙසින් නිරූපනය වෙයි
Close
Thumb
, රෙම්බ්‍රොන්ට් වොන් රයින් විසින් දේව මාළිගයෙහි සිමියොන්, 1631

බයිබලීය විස්තර පරිදී, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් සිමියොන් වෙත දර්ශනය වී පවසා ඇත්තේ දෙවියන්වහන්සේ විසින් එවනු ලබන ක්‍රිස්තුස් වහන්සේ දකින තුරු ඔහු මරණයට පත් නොවන බවයි. ජේසුස්වහන්සේ ඔහුගේ හස්තයට ගත්ම ඔහු විසින් යාච්ඤාවක් කියූ අතර, බොහෝ ක්‍රිස්තියානි සභාවන්හී මෙම යාච්ඤාව ලතින් නුන්ක් ඩීමිටිස් ලෙසින් තවමත් ජනවන්දනාවෙහි භාවිතා වෙයි. මෙයට අමතරව සිමියොන් තුමා විසින් කුරුසියෙහි ඇණ ගැසීම ව්‍යංගයෙන් කියා පාමින් දිවස් වැකියක්ද එහිදී ප්‍රකාශ කෙරිණි.

සමහරක් ක්‍රිස්තියානි සම්ප්‍රදායයන්හී, මෙම හමුවීම සිහිකෙරෙනුයේ පෙබරවාරි 2 දිනදී පැවැත්වෙන කැන්ඩ්ල්මාස් ‌‌මෙහෙයය වෙතින් වන අතර, තවදුරටත් චාරිත්‍රානුකූල ලෙසින්, ස්වාමීන්වහන්සේ කැප කිරීම, ස්වාමීන්වහන්සේ හමුවීම, හෝ කන්‍යාතුමිය පවිත්‍රකිරීම ලෙසින් සැමරෙයි. . ඔහුගේ දිවැස්වැකිය වික්ෂෝප අප ස්වාමිදුව හා සහසම්බන්ධව භාවිතා වෙයි. රෝමානු කතෝලික, නැගෙනහිර ඕර්තඩොක්ස් සහ පෙරදිග ඕර්තඩොක්ස් සම්ප්‍රදායයන්හී, සිමියොන් තුමා, සාන්තුවරයෙක් ලෙසින් පිදීමට පාත්‍රවෙයි. රෝමානු කතෝලික සභාවෙහි සංශෝධිත ප්‍රාණපරිත්‍යාගලේඛය අනුව එතුමාගේ මංගල්‍යය දිනය පෙබරවාරි 3 දිනට යෙදී ඇත.[උපහරණ ඇවැසිය]

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.