සීක් අධිරාජ්‍යය
From Wikipedia, the free encyclopedia
සීක් අධිරාජ්‍යය (1799 සිට 1849 දක්වා) සීක් සන්ධානය පාදක කොට ගෙන මහාරාජා රංජිත් සිං විසින් ආරම්භ කරන ලදී. අධිරාජ්‍යය බටහිර දෙසින් කාබුල් හා කන්දහාර් සිට කාශ්මීරය දක්වාද, උතුරු දෙසින්(ස්පර්ශ කරමින්) ටිබෙටයේ මායිම් දක්වාද, දකුණට ඉන්දු ගංගාව දක්වාද, නැගෙනහිරට වර්තමානයේ චීනයට අයත් ටිබෙට් ස්වාධින දේශය දක්වා විහිදුනි. අධිරාජ්‍යයේ ප්‍රධාන භූගෝලීය සාධකය වූයේ පන්ජාබයයි. (ඓතිහාසික පන්ජාබ් පලාත). සික් රාජ්‍යයේ ආගමික ප්‍රජා සංයුතිය වූයේ මුස්ලිම් (80%), හින්දු (10%) සහ සීක් (10%) වශයෙනි. වරෙක බලවත් රාජ්‍යයක් ව පැවති, මෙම රාජ්‍යය 1839දී මහාරාජා රංජිත් සිංගේ අභාවයත් සමග දරුණු ලෙස දුර්වල තත්ත්වයට පත් විය. දෙවැනි ඇන්ග්ලෝ-සීක් යුද්ධයෙන් පසු 1849දී බ්රි තාන්යු අධිරාජ්යටයේ සීමාවන්ට එකතු කිරීමෙන් පසු සීක් අධිරාජ්‍යයද අවසන් විය.
සීක් අධිරාජ්‍යය ਖ਼ਾਲਸਾ ਰਾਜ Khālsā Rāj | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1799–1849 | |||||||||||||||
ජාතික ගීය: Deg o Tegh o Fateh | |||||||||||||||
Ranjit Singh's Empire | |||||||||||||||
අගනුවර | Gujranwala (1799-1802) Lahore & Amritsar (1802-1849) | ||||||||||||||
පොදු භාෂාවන් | Administrative official: Persian Vernacular: Punjabi & Hindustani | ||||||||||||||
රජය | Federal monarchy | ||||||||||||||
Jathedar Maharaja | |||||||||||||||
• 1733-1735 | Nawab Kapur Singh | ||||||||||||||
• 1762-1783 | Sultan ul Quam Baba Jassa Singh Ahluwalia | ||||||||||||||
• 1801-1839 | Ranjit Singh Ji | ||||||||||||||
• June 1839-October 1839 | Kharak Singh | ||||||||||||||
• October 1839-November 1840 | Nau Nihal Singh | ||||||||||||||
• January 1841-September 1843 | Sher Singh | ||||||||||||||
• September 1843–March 1849 | Dalip Singh | ||||||||||||||
Maharaja² | |||||||||||||||
ඉතිහාසය | |||||||||||||||
• Death of General Baba Banda Singh Bahadur | 1799 | ||||||||||||||
• Second Anglo-Sikh War | 1849 | ||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||
[convert: invalid number] | |||||||||||||||
ජනගහණය | |||||||||||||||
• 1849 ඇස්තමේන්තුව | 3 million[1] | ||||||||||||||
ව්‍යවහාර මුදල | Nanakshahi | ||||||||||||||
|
සීක් සන්ධානය පැවති සමයේ සීක් අධිරාජ්‍යයේ මූලාරම්භය 1707 තරම් කාලයක් ආපස්සට යන අතර අවුරන්සෙබ් ගේ අභාවයෙන් ආරම්භ වී මෝගල් අධිරාජ්‍යයේ පහත වැටීම දක්වා දිවෙන බව විස්තර වේ. මෝගල් අධිරාජ්‍යයේ පහත වැටීම නිසා දාල් කාල්සා නමින් හදුන්වන සීක් හමුදාවට මොගල් වරුන් හා ඇෆ්ගන්වරුන්ට විරුද්ධව වූ ගමනට අවස්ථාවක් ඇති විය. මෙය හමුදාවේ වර්ධනයට හේතු වූ අතර එය එකිනෙකට වෙනස් සන්ධාන වලට වෙන් වී පසුව ස්වාධීන රාජධානි වලට වෙන් විය. හමුදාවේ මෙම එක් එක් කොටස් මිස්ල් නමින් හැදින් වූ අතර ඒවා වෙනස් ප්‍රදේශ හා නගර පාලනය කරන ලදී. කෙසේ වෙතත් 1762-1799 දක්වා වූ කාලය තුල සීක් පාලකයින් රාජධානි තමන්ගේම කර ගත් තේය. විධිමත් සීක් අධිරාජ්‍යය ආරම්භ වූයේ 1801දී මහාරාජා රංජිත් සිං රාජාභිෂේකය ලබා දේශපාලන වශයෙන් එක්සත් අධිරාජ්‍යයක් ඇති කර සීක් සන්ධානය විසුරුවා හැරීමෙනි.