සුදු බිංදුම
From Wikipedia, the free encyclopedia
සුදු බිංදුම (Gonorrhea,gonorrhoea) හෙවත් ගොනෝරියාව යනු ලිංගිකව ලිංගාශ්‍රිතව පැතිරෙන රෝගයකි.මෙම රෝගය ඇතිකරන්නේ නෙයිසරියා ගොනෝරියා යන බැක්ටීරියාවයි. ඇතැම් පුද්ගලයන්ම මෙම බැක්ටීරියාව ශරීරගත වුවද කිසිදු රෝග තත්වයක් පෙන්නුම් නොකරයි. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පුරුෂයන්ට සුදු පැහැ දියරයක් හෝ සැරව පිටචීම මුත්‍රා දැවිල්ල,ශිශ්නයේ හා වෘෂණ කෝෂවල වේදනාව ඇතිවේ. ස්ත්‍රීන්ටද කලාතුරකින් යෝනි මාර්ගයෙන් සුදු පැහැ දියරයක් හෝ සැරව පිටවේ.ස්ත්රීන්ට රෝග ලක්ෂණ පෙන්වීම ඉතා අවමය.
සුදු බිංදුම රෝගි පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට පැතිරේ.රෝගියකු සමග ඇතිකර ගන්නා ලිංගික සමභන්දයක් මගින් මෙය පැතිරේ සමලිංගික,මුඛ,ගුද හා යෝනි ලිංගික යන ඕනෑම ලිංගික සංසර්ගයකින් බෝවිය හැක.මීට අමතරව මවගෙන් දරුවාට හා රෝගියකුගේ මුත්‍රා මගින්ද බෝවේ.[1] තරුණ තරුණියන්ට වඩා වැඩිමහල් පුද්ගලයන් මගින් මෙම රෝග කාරකය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් පවතී.පුරුෂයන් අතර සිදුවන සමලිංගික වර්යා මගින් මෙම රෝගය ඉක්මනින් බෝවේ.
සුදු බිංදුම රෝගයෙන් වැළකීම සදහා උපත් පාලන කොපු, භාවිතා කිරීම,වීශ්වාසවන්ත සහකරුවකු සමග පමණක් ලිංගිකව එක්වීම හා කිසිදු ලිංගික චර්යාවක් නොකිරීම මගින් මෙම රෝගයෙන් වැළකිය හැක.[2] ප්‍රතිකාර ලෙස සෙෆ්ට්රැක්සෝන් ඖෂධය එන්නත් කිරීම,ඇසිත්ට්රොමිසින් ඖෂධය ලබාදීම හා ප්‍රතිජීවක ලබාදීම ආදිය දැක්විය හැක.[3][4] මාස තුනක් එකදිගට ප්‍රථිකාර ලබාගත යුතුය.තවද අදාල රෝගියාගේ ලිංගික සහකරුද ප්‍රථිකාර ලබාගැනීම කළයුතුය.සුදු බිංදුම රෝගය වැළදීමේ ප්‍රථිශතය කාන්තාවන්ට 0.8% වන අතර පිරිමින්ට එය 0.6% වෙයි.[5]