සෛද්ධාන්තික අකාබනික රසායනය
From Wikipedia, the free encyclopedia
අකාබනික රසායන අංශවල විකල්ප දර්ශන ඉදිරිපත් කිරීම ආරම්භ වූයේ පරමාණුවේ බෝර් (Bohr) ආකෘතිය ඉදිරිපත් වීමත් සමඟයි. උපකරණ සෛද්ධාන්තික රසායනික ආකෘති හා ගණිතමය රසායනික විද්‍යාව භාවිතයෙන් එය සරල හා වඩා සංකිර්ණ අණුවල බන්ධන සෑදීම දක්වා ව්‍යාප්ත විණි. කාබනික රසායනයේ බහු ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද පිළිබඳව නිවැරදි ක්වොන්ටම් යාන්ත්‍රික පැහැදිළි කිරීමක් ලබාදීම අසීරුය. මෙම අභියෝගය අණුක කාක්ෂිතවාදය හා ලිගන ක්ෂේත්රය ආදී බොහෝමයක් අර්ධ ප්‍රමාණාත්මක හෝ අර්ධ අනුභාවි පිවිසීම් ගණනක් ජනනය කර ඇත. මෙම සෛද්ධාන්තික පැහැදිලි කිරීම්වලට සමාන්තරව ඝනත්ව ක්‍රියාකාරී සිද්ධාන්තය ද ඇතුළත්ව දල ක්‍රමවේද භාවිතයට ගනී.
සිද්ධාන්ත හැරුණු කොට ක්ෂේත්රයේ දියුණුව සඳහා ගුණාත්මක හා ප්‍රමාණාත්මක බව ඉතාමත් වැදගත් වේ. උදාහරණයක් ලෙස කාමර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වවල දී CuII2(OAC)4(H2O)2 බොහෝ දුරට ක්ෂේත්‍ර චුම්භක බවට පත්වන නමුත් ස්ඵටික ක්ෂේත්‍රවාදය අනුමාන කරන්නේ එහි යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති බවයි. ගුණාත්මක සිද්ධාන්තය (හර චුම්භක) හා නිරීක්ෂණය (හර ක්ෂේත්‍ර චුම්භක) අතර ඇති වන මෙම එකඟතාව චුම්භක යුග්ම ආකෘතිය බිහිවීමට මග පෑදිනි. මෙම දියුණු කළ ආකෘති නව චුම්භක උපකරණ නිසා නව තාක්ෂණ දියුණුවකට මග පෑදිනි.